Ads 468x60px

.

'නාමල්ගේ ආරක්‍ෂකයා ළඟ තිබුණේ වතුර බෝතලයක්‌ලු'


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්‍ෂක නිලධාරියකු පිස්‌තෝලක්‌ සහිතව සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගත් බව දැනගත්තේ මාධ්‍ය මගින් බවත් තම ආරක්‍ෂක නිලධාරීන් කිසිම විටෙකත් ජනාධිපතිවරයකු සහභාගි වන
රැස්‌වීමකට ගිනි අවි රැගෙන නොයන බවත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී ද ඔහු සහභාගි වන රැස්‌වීම්වලට ප්‍රතිපත්තියක්‌ ලෙස සිය ආරක්‍ෂක නිලධාරීන් ගිනි අවි රැගෙන නොගිය බව හෙතෙම පැවසුවා.

මේ සම්බන්ධව තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (26 වැනිදා) දැන්වූ බවත් එය එතරම් ගණන් ගතයුතු පුවතක්‌ නොවන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කලා.

සිද්ධිය සම්බන්ධව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ අදාළ ආරක්‍ෂක නිලධාරියා රැස්‌වීම නැරඹීමට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී ඇත්තේ සමුළුවට සහභාගි වන පාක්‍ෂිකයිනට ලබාදෙන වතුර බෝතලයක්‌ පමණක්‌ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන්
කලා.

 
Related Posts with Thumbnails