Ads 468x60px

.

'මේ පාර මං කුණුහරුප කිව්ව විතරයි, ඊළඟ දවසෙ මම කලිසමත් ගලවල පෙන්නනවා' - වාසු


ඊයේ (22) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවර යෙකුට කුණුහරුපෙන් බැන ඉතිහාසයේ කුණු බක්කියට එක්වූ වාසුදේව නානායක්කාරට හිටපු ජනපතිවරයෙක්, කරන ලද සුනඛ ක්‍රියාවට ප්‍රශංසා කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

'නියමයි වාසු, අන්න එහෙම තමයි ඉන්න ඕන. මම කුණුහරුප කිව්වෙ රජ ගෙදර විතරයි, වාසු ඒක පාර්ලිමේන්තුවටත් අරන් ගියා. එක එකා ඔයාට බනීවි. ඒත් කරන වැඩේ නවත්තන්න එපා, දිගටම ගහන්න.' යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පවසද්දී වාසු පවසා ඇත්තේ 'මේ පාර මං

කුණුහරුප කිව්ව විතරයි, ඊළඟ දවසෙ මම කලිසමත් ගලවල පෙන්නනවා' කියාය.

මේ පිළිබඳව අපවෙත අදහස් දැක්වූ පශ්චාත් නූතනවාදී දේශපාලන විචාරකයෙක් සඳහන් කර සිටියේ වාසුදේව නානායක්කාර පාර්ලිමේන් තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට උපරිමයෙන් කැපවී ඇති පුද්ගල යෙක් බවයි. ඔහු සඳහන් කළේ 'පාර්ලිමේන්තුවට ගරු කරන්න ඉගෙන ගනින් ප*යෝ. තොට පුලුවන්ද පිස්සො මාව වාඩි කරවන්න.' කියාය. 


මෙහිදී වාසුදේව මන්ත්‍රීවරයාට මළපැන ඇත්තේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට අගෞරව කරනු දැකීම නිසාය. බැණ අඬගසා හෝ අගමැතිවරයා හදාගැනීම වාසුදේවට අවශ්‍ය වූ නිසා 'ප*යා' යනුවෙන් අමතා තිබේ. එය අගමැතිවරයාට අපහාස කිරීමට නොව පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීමේ පරම පිවිතුරු අරමුණෙන් වාසුදේව එසේ කියූ බවයි.

මේ පිළිබඳව වාර්තා කරන එක්තරා නිවුස් වෙබ් අඩවියක් එය වාර්තා කරන්නේ 'ලක් ඉතිහාසයේ පළමුවරට අගමැතිවරයෙක් අමු කුණුහරුප යෙන් බැණුම් අහන හැටි' කියාය. අපහාසය සිදුවී ඇත්තේ අගමැති වරයාටය. කුණුහරුප කියූ වාසු
එම වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට වීරයෙක් වී ඇත. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

ඊයේ පාර්ලිමේන්තුවේදී කුණුහරුප කී වාසුදේව නානායක්කාරව වාඩි කරවීමට කතානායකවරයාට හෝ අගමැතිවරයාට නොහැකි වුවද ඊළඟ ඡන්දයේදී ජනතාව විසින් ඔහුව සදාකාලිකව හාන්සි කරවනු ඇත.
 
Related Posts with Thumbnails