Ads 468x60px

.

කවුරු විරුද්ධ වුවත් අප මේ ටික කියමු - ස්‌ත්‍රී දූෂකයාට හිමි දඬුවම මෙන්න


අපේ පිරිමින්ට මෙතරම් දරුණු මෝල් කලන්තයක්‌ වැළඳී ඇත්තේ කෙසේද?

දාහත් හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා දැරිය කැලෑ මණ්‌ඩියකට ඇදගෙන ගොස්‌ පස්‌දෙනකු විසින් හෝ නවදෙනකු විසින් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය නිසා යාපනය ගිනියම් වූ ආකාරය කිසිසේත්ම අඩුවෙන් තක්‌සේරු කළ නොහැක. විද්‍යා වූකලී යුද සමයේ උපන් දැරියකි. 

යුද කාලයේදී පවා සුරක්‍ෂිතව ජීවත් වූ විද්‍යා යුද්ධය නිමවී සාමයේ උපරිමයට රට ළඟා වී තිබෙන මෙකල ඝාතනය වී තිබේ. (ඇමරිකාව පවා පිළිගත්තේ මේ වන විට සාමයේ උපරිමයට ලංකාව ළඟා වී තිබෙන බවය) ඇය දූෂණය කළ සහ ඝාතනය කළ කණ්‌ඩායමේ තිදෙනෙක්‌ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් බව දැනගන්නට තිබේ. 

ඉනුත් එකෙක්‌ ස්‌විට්‌සර්ලන්තයේ කුක්‌ කෙනකු" ලෙස වැඩ කරමින් සිට හදිසි නිවාඩුවකට හෝ වෙනත් කිසියම් වලත්ත කටයුත්තක්‌ සඳහා
ලංකාවට පැමිණ සිටින්නෙකි. මෙවැනි කුක්‌ලා අල්ලා බාබකිවු කිරීම හෝ ඩෙවල් කිරීමට කටයුතු යෙදිය යුතුය. 

මියගිය විද්‍යා මෙන්ම මිනීමරු ස්‌ත්‍රී දූෂක රැළ දෙමළ ජාතිකයෝය. මෙය දෙමළ ජාතිකයන් අතර වූ අර්බුදයකි. මෙය සිදුවුණේ දෙමළ ජනයා බහුතරයක්‌ සිටින යාපනයේ යෑයි කියා පාඩුවේ සිටීමට රටේ සෙසු ප්‍රදේශවල සිටින ජනයාට බැරිය. විද්‍යා යනු ලක්‌ මවගේ දියණියකි. ඒ අනුව ඇය සමස්‌ත ජනතාවගේම දියණියකි. සහෝදරියකි.

ස්‌ත්‍රී දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන Track Record එක හෙවත් ඉතිහාස වාර්තාව ඉතා නරකය. 2008 දී පොලිසිවලට වාර්තා වූ ස්‌ත්‍රී දූෂණ ගණන 1582 කි. මෙයින් 1157 ක්‌ හෙවත් 75% ක්‌ම බාලවයස්‌කාරියෝය.


2009 දී ස්‌ත්‍රී දූෂණ සිදුවීම් 1624 ක්‌ වාර්තා වූ අතර එයින් 1228 ක්‌ම බාලවයස්‌කාරියෝය. 2010 දී ගැහැනු 1859 ක්‌ දූෂණය කරන ලද්දහ. 2011 දී ඒ ගණන 1871 කි. 2012 දී 1963 කි. 2013 දී 1653 කි.

ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව ස්‌ත්‍රී දූෂණවලින් ස්‌වයං පෝෂණය වී තිබෙන බව නොවේද? මේ රටේ මිනිස්‌සු විනෝදාංශයක්‌ වශයෙන් බහුල වශයෙන් කරන්නේ ස්‌ත්‍රී දූෂණයද? 


වෙන්නට පුළුවන. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රුසියන් තරුණියක කෙළසා ඇගේ පෙම්වතා මැරූ හැටි මතකද? අකුරැස්‌සේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා බාල වයස්‌කාර දැරියක්‌ අපයෝජනය කළ බවට චෝදනා ලැබූ හැටි මතකද? (දැනට මෙතුමා ඉන්නේ එළියේය) 

එයට අමතරව සරඹ ගුරුතුමා, විද්‍යා ගුරුතුමා, ගණිත ගුරුතුමා ඇතුළු ගරු භවතුන් පාසල් සිසුන් හෝ සිසුවියන්ගේ විලි බිය සිඳින ලද අවස්‌ථා කීයක්‌ නම් මසකට වාර්තා වන්නේද? අපේ පිරිමින්ට මෙතරම් දරුණු මෝල් කලන්තයක්‌ වැළඳී ඇත්තේ කොහොමද?

ඉහත සඳහන් ප්‍රශ්නවලට උත්තර කල්පනා කරමින් සිටින අපගේ සිත දිව යන්නේ සිවලෝගනාදන් විද්‍යා ඝාතනය කළ සාහසික කාලකණ්‌ණි රැළ උසාවියට ඉදිරිපත් කරන අවස්‌ථාවේදී ඇතිවූ ප්‍රචණ්‌ඩ තත්ත්වය වෙතය. 


එදා යාපනයේ උසාවිය අවට රැස්‌වූ 1500 ක්‌ පමණ දෙනා අපරාධකරුවන් තමන් අතට පත් කරන ලෙස ඉල්ලා උසාවි ගොඩනැඟිල්ලට ගල් ගැසූහ. 

අපරාධකරුවන් පිරිස එදා ඒ මිනිසුන්ට භාර දුන්නා නම් පත අට එකට නොව දහසෙන් එකට සිඳීම සිදුවීමට නියමිතව තිබුණි. එය වූයේ නම් අපරාධකරුවන් නව දෙනාගේ කුඩු ඉතා කුඩා මුට්‌ටියකට රැස්‌කර ගත හැකිව තිබිණ. කවුරු විරුද්ධ වුවත් මේ ටික කියමු. ස්‌ත්‍රී දූෂකයාට හිමි දඬුවම එයමය.
 
Related Posts with Thumbnails