Ads 468x60px

.

කොට්ටාවේ ප්‍රින්සිපල් ඔෆිස් එකේදී එක වසරේ දරුවාගේ අම්මාට උම්මා එකකුත් දීලලු...


ලිංගික අල්ලස්‌ චෝදනාවක්‌ මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්‌ කර සිටි හිටපු විදුහල්පතිවරයෙකු, අධිකරණය ඉදිරියේ, එම චෝදනාව පිළිගැනීමේ පුවතක්‌ ඉකුත් සතියේ පුවත්පත්වල පළ විණ. 

2013 වර්ෂයේ අගෝස්‌තු මාසයේ කොට්‌ටාව ආනන්ද විදුහලේ විදුහල් පති වශයෙන් සේවයේ නිරතව සිටියදී තමන්ට එරෙහිව ඉදිරිපත්ව
තිබෙන මෙම ලිංගික අල්ලස්‌ චෝදනාව මොහු පිළිගත්තේ, කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඉදිරිපිටදී ය. 

වරද පිළිගත් හෙයින්, දඬුවම් නියම කිරීම 15 වැනි දිනට කල් තැබිණ. පාසලකට දරුවන් ඇතුළත් කර ගැනීමේ ව්‍යවස්‌ථාමය නීතියට පටහැනිව ලිංගික අල්ලසක්‌ ගැනීම සම්බන්ධව, අල්ලස්‌ පනත ප්‍රකාරව සහ සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයෙන් ඔහුට ලබාදුන් දඬුවම කවරේදැයි යන්න මෙම ලිපිය කියවන විට ඔබ දැන සිටින්නේ ය.

උසාවියෙන් දඬුවම් ලැබීම මෙතෙක්‌ ප්‍රමාද වුවත්, දැනටමත් සමාජයට මුහුණදීමට අසමත්ව, මොහු තම කුටුම්භයෙන් මෙන්ම, සමාජයෙන්ද අසීමිත වූ ගැරහීම්වලට ලක්‌වී හමාර ය. දැන ගැනීමට ලැබී ඇති පරිදි සිය රාජකාරියේ දිගු ගමනේ ඉසිඹු ලන්නට මොහුට තිබුණේ තවත් මාස කිහිපයකි. 


උසාවියෙන් ලැබෙන දඬුවමත් සමඟ ම රාජ්‍ය සේවයේ කෙනෙකුට හිමිවන අයිතීන් බෙහෝවිට මොහුට අහිමි වනු ඇත. මන්ද, දැනගැනීමට තිබෙන තොරතුරු අනුව මොහු මෙම වරදෙහි යෙදී සිට ඇත්තේ, රාජකාරී වේලාව තුළ ය. 

එමෙන්ම රජයේ නිලධාරියකු වශයෙන් තමන් සේවයේ නියෑළී සිටින ආයතනය අපහසුතාවට ලක්‌කිරීම අනුව දෙපාර්තමේන්තුව මගින් පවත්වන ගෘහස්‌ථ පරීක්‍ෂණයකටද මොහුට මුහුණ දීමට සිදුවනු නියත ය.

ජනවහරට අනුව අල්ලස යනු දෙවියන් සඳහා දෙන පඬුරු ය. ඒ අනුව අල්ලස්‌ දීම යනු, දෙවියන්ට පඬුරු බැඳීම සේම, තමන්ගේ අවශ්‍යතාවක්‌ ඉටුකර ගැනීම සඳහා වෙනත් කෙනෙකුට තුටු පඬුරු දීම ය. 


අල්ලස යන්නෙහි ප්‍රාදේශීය ව්‍යවහාරය, තෑගිබෝග දීම ය. එසේ නම්, නිවසකට කදමලු බැඳගෙන නෑදෑයින් බැලීමට යාමත්, ඒ අයුරු තෑගිබෝග දීමක්‌ සේ සැලකිය හැකිද?

අධිකරණය ඉදිරියේ තමන් වරදකරු බවට හිටපු විදුහල්පති පිළිගත් චෝදනාව, මේ අයුරු දෙවියන් ඉදිරියේ තම අවශ්‍යතාවක්‌ ඉටුකරවා ගැනීම සඳහා පූජාවට්‌ටියක තැබූ මුදලක්‌ සම්බන්ධව වූ කාරණාවක්‌ නම් නොවේ. 


මන්ද, ලංකාණ්‌ඩුවේ අල්ලස්‌ පනතේ වගන්ති අනුව, තම අවශ්‍යතාවක්‌ ඉටු කරවා ගැනීම උදෙසා දෙවියන්ට කැපකරන පූජාවට්‌ටියක තබන මුදල් නෝට්‌ටු, අල්ලස්‌ දීම යන අර්ථ නිරූපණයෙහි ලා නොසැලකෙන බැවිනි.

දෙවියන්ට ලබා දෙන පඬුරු යනුවෙන් හැඳින්වීමට අමතරව අල්ලස යන්නට තවත් නම්ද භාවිත වෙයි. පගාව යනු ඉන් එක්‌ නමකි. එහි ශබ්දවනිය අනුව, කිසිවෙකුට එයින් සන්නිවේදනය වන්නේ, අල්ලස්‌ දෙන තැනැත්තා, සමාජයේ ගර්හාවට ලක්‌වන පහත්ම ක්‍රියාවක නියුතු ව සිටින්නෙකු බවය. එසේ නම්, එය අපරාධයකි. 


සංතෝෂම යනු අල්ලසට යෙදෙන තවත් නමකි. දෙන කෙනා කෙසේ වෙතත්, ලබන කෙනා සතුටු වන්නේ නම්, එය සංතෝෂමකි. මෙයට හාත්පසින්ම වෙනස්‌වූ වචනයකි, අල්ලස යන්න ජරාවක්‌ ලබා ගැනීමක්‌ සේ සමාජගතව තිබීම. 

කෙනෙකු අල්ලස්‌ ගැනීම නින්දිතවූ ඉතා පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතු ක්‍රියාවක්‌ සේ සලකා එයට ජරාව යනුවෙන් සඳහන් කිරීම. අල්ලස හෝ සන්තෝෂම යන ක්‍රියාවලිය දැඩි ලෙස පිළිකුලෙන් හෙළා දකිමින් එය තුච්ඡ ක්‍රියාවක්‌ බව තුව බැහැර කිරීමක්‌ මෙම වචනයෙහි පවතින බව දෘෂ්‍යමාන වෙයි.

බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අල්ලස්‌ දීම් පිළිබඳ තොරතුරු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඉන් එක්‌ අවස්‌ථාවක්‌ ලෙස සැළැකෙන්නේ, පරිබ්‍රාජකයින් ලවා සුන්දරී වෙසඟන මරා ඡේතවනාරාමයේ සඟවා මරණය වසන් කිරීමටත්, විහාරස්‌ථානය අසලින් පරිබ්‍රාජකයින්ට වාසය කිරීමට සුදුසු ඉදිකිරීමක්‌ කර ගැනීමට කොසොල් රජුට අල්ලස්‌ දීමකි. 


අනෙක්‌ සිද්ධිය වන්නේ, රූපශ්‍රීයෙන් උන්මාදයට පත් උදේනී රජුගේ බිසව මාගන්දිය, තමාගේ රූපය නිග්‍රහයට ලක්‌කරන බුදුරජාණන් වහන්සේගෙන් පළිගනුවස්‌, උන්වහන්සේට අවලාද නැගීමට තීර්ථකයන්ට අල්ලස්‌ දුන් පුවත ය.

ඒ මතුද නොව, කොසොල් රජුගේ රජවාසලේ කඩු සිඹිමින් කඩුලක්‍ෂණ කියන බමුණෙකු අල්ලස්‌ ගැනීමට යොමුවීම නිසා සිදුවූ හාස්‍ය මුසු පුවතක්‌ අසීලක්‌ඛණ ජාතකයේ සඳහන් වෙයි. තමන්ගේ කඩුව ගැන රජු අභියස ඉහළින්ම වර්ණනා කර ගැනීමට නම් කෙනෙකු බමුණාට අල්ලස්‌ දිය යුතුය. 


අල්ලස්‌ ගන්නා බමුණාට මතක හිටින පාඩමක්‌ ඉගැන්විය යුතුයි සිතූ එක්‌ වෑමියෙක්‌, මිරිස්‌ තැවරූ කොපුව සහිත තමන්ගේ කඩුව බමුණාට දුන්නේය. කොපුවෙන් ඇද ගත් කඩුව සිඹීමට සූදානම් වන මොහොතේ, එහි ඇලී තිබූණු මිරිස්‌ සුවඳ නාසයට දැනුණු බමුණා කිඹිස්‌සේ තමන්ගේ නාසයද කපා ගනිමිනි. දිට්‌ඨධම්මවේදනීය කර්මයට අනුව එම මොහොතේම ඔහුට දඬුවම් ලැබිණ. අල්ලස්‌ ගැනීමේ ආදීනව ගැන මෙවැනි පුවත් ජාතක කතාවල දක්‌නට ලැබේ.

අදාළ විදුහල්පතිවරයා මෙම සිද්ධියට යොමු වූයේ තම දරුවා පළමුවැනි වසරට ඇතුළත් කර ගැනීමට පැමිණි මවක නිසා ය. කිහිප වතාවකදීම තම දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සම්බන්ධව ඇය විදුහල්පතිට කතා කළද, ඒ හැම වතාවකදීම ඔහුගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක්‌ නොවේ. 


ලිංගික අල්ලස ඉදිරිපත් වූයේ පාසලකට දරුවන් ඇතුළත් කර ගැනීමේ ව්‍යවස්‌ථාමය නීතියට පටහැනිව ක්‍රියා කරමින් එම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ කඩුල්ල පැන ගැනීමට ය. එම එකඟතාව පළකළ අවස්‌ථාවේ දී පාසලේ විදුහල්පති කාර්යාලය තුළදී ඔහු, එම මව සිපගත් බව පොලිස්‌ වාර්තාවල සඳහන් වෙයි.

දැන ගැනීමට ඇති තොරතුරු අනුව, මෙම සිද්ධිය සඳහා බොරළුපන පිහිටී ලැගුම්හළ යොදා ගෙන ඇත්තේ තම සැමියාගේද අනුදැනීම මත මෙම මව විසිනි. මෙම ලැගුම් හළ, හිටපු අමාත්‍යවරයෙකුට අයත් වූවක්‌ වන බැවින් පොලිස්‌ ආරක්‍ෂාවද ඇති බවත් ලැගුම් ගන්නා උදවියට අසීමිත නිදහසක්‌ ඇති බවත් පවසයි. 


පළමුව නිරුවතින් සිටියේ විදුහල්පතිය. වැසිකිළියට යන මුවාවෙන් මව, අල්ලස්‌ නිලධාරීන්ට දුරකථන පණිවිඩය ලබා දී ඇත. ඒ අනුවය, අල්ලස්‌ නිලධාරීන් සිය රැහැනට තුවායක්‌ පමණක්‌ ඇද සිටී විදුහල්පතිව හසුකර ගත්තේ. 

ඒ වන විට මොහු මෙහි පැමිණ ඇත්තේ, පාසලෙන් පිටව යාමේ ලේඛනයේ සිය අත්සන පවා නොයොදා බවත් සැළවෙයි. එය කියා පාන්නේ, රාජකාරි අවස්‌ථාවේදී ලිංගික අපචාරයක මොහු යෙදී සිටි බවය.
 
Related Posts with Thumbnails