Ads 468x60px

.

ජීවිත අවාසනාවන්ත තත්වයකට ඇද දමමින් මිලියන ගණනකගේ ලිංගික රහස් එළියට


ලොව පුරා සිටින මිලියන ගණනකගේ ලිංගික රහස් සහ පුද්ගලික ඡායාරූප ආදියෙහි රහස්‍යභාවය පිළිබඳ බරපතල ගැටලු මතුකරන සිදුවීමක්, මේ දිනවල මහත් ආන්දෝලනයක් ගෙන දී තිබෙනවා.

Adult Friend Finder යනු වැඩිහිටියන්ට පමණක් වෙන් වූ ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. පුද්ගලයන්ගේ ලිංගික රුචි අරුචිකම් පිළිබඳ තොරතුරු ලබාගෙන, ඒවාට ගැලපෙන ලිංගික සහකරුවන් සෙයා දීම, මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අංගයක්. 


මෙම වෙබ් අඩවිය තුළ රහස්‍යභාවය ඉතා ඉහළ ලෙස තිබිය යුතු වුවත්, එය පසුගිය දා හැක්වීමකට ලක්ව තිබෙන්නේ මිලියන 64කටත් අධික
ගිණුම් හිමියන් පිරිසගේ පුද්ගලික තොරතුරු, පුද්ගලික ඡායාරූප හා ලිංගික රහස් ආදිය ප්‍රසිද්ධියට පත් වීමේ අවදානමක් ද සමඟින්. 

තව ද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට, දැනටමත් මිලියන 3.5කට අධික පුද්ගලයන්ගේ තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයට නිදහස් වී අවසන්.

සයිබර් අවකාශයෙහි තම අතිශය පුද්ගලික තොරතුරු හුවමාරු කිරීම පිළිබඳව සහ වෙබ් අඩවි වල රහස්‍යබවත් අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව ත් දෙවරක් නොව කිහිප විටක්ම සිතා බැලිය යුතු බව හැඟවෙන තවත් එක් සිදුවීමක් බවට මෙය පත්ව ඇත්තේ, මිලියන ගණනාවකගේ ජීවිත මහත් අවාසනාවන්ත තත්වයකට ඇද දැමීමේ ඉඩකඩක් ද සමඟින්.
 
Related Posts with Thumbnails