Ads 468x60px

.

කුරුල්ලන්ට නිදහසේ අහසේ පියඹා යැමේ අයිතිය


විනිසුරු මන්මෝහන් සිං එක්තරා තීන්දුවක් දී තිබුණේ කුරුල්ලන් වෙළෙඳාම් කරන මිනිහකුට එදිරිව ය. එම තීන්දුව ලබා ගැනීම සඳහා කුරුල්ලන් වෙළෙන්දන්ට විරුද්ධව නඩුව දමා තිබුණේ තිරිසන් සතුන්ගේ අයිතිවාසිකම් උදෙසා තිබෙන සංවිධානයක්‌ ය. 

විනිසුරුතුමා දුන් තීන්දුවේ මෙසේද සඳහන්ය. පෙත්සම්කාර සංවිධානයේ උගත් නීතිඥ මහත්වරුන් විසින් පෙන්වා දෙන ලද පරිදි ඉහත සඳහන් කුරුළු වෙළෙන්දා විසින් කුරුල්ලන් කුඩා කූඩුවල හිරකරගෙන වෙළෙඳ පොළවලට ගෙන ගොස්‌ විකුණා ඇත. කුරුල්ලන් හිර කරගෙන සිටීමට
ඉඩ දිය නොහැකි අතර උන්ට නිදහසේ අහසේ පියඹා යැමට අයිතිය ඇත.

ඉහත සඳහන් පුවත ගැන දැන ගැනීමට ලැබුණු විට අපට ඉන්දියාව කෙරෙහි ඉමහත් භක්‌තියක්‌ ඇති විය. ශ්‍රී ලංකාවට කොතරම් වෙනස්‌කම් කළත්, එක්‌තරා කාලයකදී ශ්‍රී ලංකාවට විරුද්ධව කොටින් පුහුණු කර සන්නද්ධ කළත් ඉන්දියාව යනු තම රටේ සිටින තිරිසන් සතාට පවා ආදරය කරන රටක්‌ බව ඒ ප්‍රවෘත්තියෙන් පැහැදිලි විය. 


ඉන්දියාව තිරිසන් සතුන් වෙනුවෙන් පෙනී සිටි පළමු අවස්‌ථාව මෙය නොවේ. ගවයන් මැරීම සහ මස්‌ විකිණීම තහනම් කරමින් එරට හර්යානා ප්‍රාන්ත ආණ්‌ඩුව පසුගියදා නීතියක්‌ සම්මත කළේය. 

ඉන්දියාව සමඟ සසඳන විට ලංකාව මේ අංශයෙන් ඉතාම ප්‍රාථමික තත්ත්වයක පසුවන රටක්‌ බව පැහැදිලිය. මෙහිදී ලංකාවේ හරක්‌ මරණ නීච ආකාරය ගැන සාකච්ඡා කිරීම පසෙක තබා සුරතලයට ඇති කිරීම පිණිස යෑයි කියමින් සතුන් විකුණන මේ රටේ ජාවාරම්කරුවන් ගැන යමක්‌ සටහන් කරමු.

බල්ලන්, පූසන්, කුරුල්ලන්, විවිධ වර්ගවල කුකුළන්, හාවන්, ගිනිපිග් වර්ගයේ මූසික සතුන් අද වනවිට මෙරට හැම හන්දියක්‌ ගානේම විකිණීමට තබා ඇත. කුඩා කූඩුවල හිරකරගෙන, ඇල් වතුරවත් නැතිව, දිව එළියට දාගෙන හති හලමින් සිටින කුඩා බලු පැටවුන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඕනෑ තරම් දැක ගත හැකිය. 


ජාවාරම්කරුවන් සමහර උසස්‌ වර්ගවල බලු පැටවුන් ලබා ගන්නේ සහෝදර සම්බන්ධතා ඇති, නොඑසේ නම් එකම සුනඛ මව සහ සුනඛ පියාගෙනි. මෙවැනි පැටවු නිතර රෝගීහු ය. ගිනි අවුවේ, හති හලමින්, වතුරවත් නැතිව, දිනකට එක වේලක්‌ පමණක්‌ ආහාර ගෙන සති කිහිපයක්‌ කූඩුවල කොටුවී සිටින මේ සත්තු විකුණූ වහාම මිය යති. 

මේ රටේ සතුන් වෙළෙ¹ම තහනම් කරන නීතියක්‌ තිබේ. එය සම්මත කරන ලද්දේ වසර 2000 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගේ එජාප ආණ්‌ඩුවේ පරිසර ඇමැති රුක්‌මන් සේනානායක විසිනි. 

පාරවල් අයිනේ කූඩුවල තබාගෙන සතුන් විකිණීම මේ නීතිය මගින් පැහැදිලි ලෙසම තහනම් කර ඇත. රජය මේ ගැන ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
 
Related Posts with Thumbnails