Ads 468x60px

.

කාන්තාවන්ට උපදෙස් දෙන අපූරු ආකාරයේ තිසරපටයක්


පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති කාන්තා ඇඟළුම් නිෂ්පාදන එළිදැක්වීමකදී අපූරු ආකාරයේ තිසරපටයක් එළිදක්වනු ලැබුවා. 

එහි ඇති කුඩා සංවේදක මගින් එය පැළඳ සිටින කාන්තාව කතා කරනු ලබන හඬ අනුව සහ ඇයගේ හෘදස්පන්දනය අනුව ඇය නොසන්සුන්
තත්ත්වයෙන්, කනස්සල්ලෙන් සිටීද යන්න අවබෝධ කරගත හැකි වීම මෙහි ඇති විශේෂත්වය වනවා.

එසේම එහි ඇති කුඩා ස්පීකර් මගින් ඇයව දිරිමත් කිරීමට අවශ්‍ය පණිවුඩ ලබාදීමක්ද සිදු කෙරෙනවා. මෙම අපූරු තිසරපටය හඳුන්වාදී ඇත්තේ ජපාන සමාගමක් විසිනි.

එසේම කාන්තාවක් මෙය පැළැද මම ලස්සනද? යන පැන විමසුවහොත් තිසරපටය මගින් හරිම ලස්සනයි හෝ ඔබ සරාගීයි වැනි පිළිතුරු ලබා දීමට හැකි බවද එම සමාගම පවසනවා. 


එසේම මෙම තිසරපටයක් පැළැඳ කාන්තාවක් ගමනක් ගොස් පැමිණී මෙන් පසුව මෙය ස්මාර්ට් ජංගම දුරකථනයකට සම්බන්ධ කිරීමෙන් එම කාන්තාව කොපමණ පියවර ප්‍රමාණයක් ඇවිද තිබේද? 

කෙතරම් දුරක් ගමන් කර ඇත්ද? එලෙස ගමන් කිරීමේදී දහනය වී ඇති කැලරි ප්‍රමාණයද ගණනය කර ගැනීමේ හැකියාව පවතින බවයි එම සමාගම පවසන්නේ.
 
Related Posts with Thumbnails