Ads 468x60px

.

යාපනේ පාසල් සිසුවිය සමූහ දූෂණය කරද්දී ස්විස් ජාතිකයෙක් වීඩියෝ කරලා


සමූහ දූෂණය කර ඝාතනය කරන ලද යාපනයේ සිවලෝගනාදන් විත්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවිය සම්බන්ධ සිද්ධියට සැක පිට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 9 දෙනෙකි. 

ඒ අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ පදිංචිව සිටි එකම පවුලේ සොයුරන් තිදෙනෙකුද සිටින අතර ස්විට්සර්ලන්තයෙන් ලංකාවට පැමිණ එම ප්‍රදේශයේ ජීවත්වන සුදු ජාතිකයෙකු හා තවත් පස් දෙනෙකු සිටී.

ස්විස් ජාතිකයා එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය ඔහුගේ කැමරාව කින් වීඩියෝ ගත කර ඇති බවද වාර්තා වුණා. පසුව ඔහුද අනෙක් අට

දෙනා සමග එක්වී ඇයව සමූහ දූෂණයට ලක්කර ඇත.

පුංකුඩුතිව් ප්‍රදේශයේ පිහිටි ස්විස් ජාතිකයාගේ නිවස සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස මේ වනවිට ප්‍රදේශවාසීන් විසින් ගිනිතබා විනාශ කර තිබේ. ස්විස් ජාතික පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි බියෙන් පොලිස්ථානයේ නවතින්නට පැමිණ සිටි බවද වාර්තා වුණා.

මුලින් මේ සම්බන්ධව කොටුවූ සහෝදරයින් තිදෙනාගේ සාක්ෂි මත
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරුවන් පොලිසියට ගෙන යන අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදෙන්නට තැත් කළ අතර එය වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කලහකාරීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා දැනට රෝහල්ගතවී ඇත. පොලිසියට ඔවුන් ගෙන යාම අපහසුවූයෙන් පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කළ බවද කියැවුණා.


අත්අඩංගුවට පත් නමදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කරමින් පවතින අතර ඔවුන් අද (19) අධිකරණය හමුවට නැවත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කයිට්ස්, පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ උසස්පෙළ ඉගෙනුම ලබමින් සිටි විත්‍යා පසුගිය බදාදා පාසල් යාමට නිවසින් පිටත්ව යද්දී පෙරවරු 7.10ට පමණ මෙම තරුණයන් මග රැක බලා සිට පැහැර ගෙන ඇති අතර පසුව ලඳු කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කටට රෙදි කැබලි ඔබා අත්පා ගැටගසා 9 දෙනා එක්වී වරින්වර දූෂණය කිරීමෙන් පසු අනන්‍යතාව හෙළිවේ යයි බියෙන් හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිඛෙනවා.

මළ සිරුර සොයාගන්නට අපහසුවන ආකාරයට පාළු කැලෑ පෙදෙසක සැගවුවත් පොලිසියට ලැබුණ ඔත්තුවක් නිසා එය ස`ගවා තිබූ පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ආසන්න ප්‍රදේශයෙන් පැය 24 ක් යන්නට පෙර සොයාගන්නට පොලිසියට හැකිවුණා.

කයිට්ස් පොලිසියට මේ ගැන විමර්ශන කරන්නැයි බලකරමින් විශාල මහජන උද්ඝෝෂණ ඇතිව තිබූ අතර ඇගේ අවසන් කටයුතු සිදු කළ දිනයේ ප්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා විරෝධය පළ කර තිබුණා.
මේ අතර අද යාපනයේ මේ සම්බන්ධව හර්තාලයක් ක්‍රියාත්මක වන බැවින් අද දවසේද කඩසාප්පු වසා ඇති බව වාර්තා වනවා.
 
Related Posts with Thumbnails