Ads 468x60px

.

'පැෂන් බග්' ගිනි තියන්න ඕඩර් එක දී බණ කියන්න වැඩම කරපු හිමිනම !


පැපිලියානේ 'පැෂන් බග්' වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ.

මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව මේ වනවිට

සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. 

මෙම සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවේ 'පැෂන් බග්' ගිනිතැබීම සිදුකළේ බොදුබල සේනාවේ පිරිසක් විසින් බවයි. එම ප්‍රචාරය සැළසුම් සහගතව සිදුකර ඇත්තේද ආචාර්ය මැදගොඩ අභයතිස්ස බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගිනිතැබීමට අවශ්‍ය සැළසුම මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පුද්ගලිකවම සකස්කොට හිතවත් පිරිසකට සැළසුම ක්‍රියාත්මක කරන ලෙස පවරා අභයතිස්ස හිමියන් බණ දේශනාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට සැළසුම් සහගතව වැඩම කර ඇත. 


යම් හෙයකින් කුමන්ත්‍රණය හෙළිදරව් වුවහොත් තමා අදාල දින අදාල වේලාවේ වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීමට පරිවේණාධිපති හිමියන් කටයුතු කර ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

මේ පිළිබඳව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කැඳවා කටඋත්තරයක් ගැනීමට පොලීසිය කටයුතු කරන බව මේ පිළිබඳව අපට හෙළිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.

මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් බොදුබල සේනාව විසින් ද ළඟදීම ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.
 
Related Posts with Thumbnails