Ads 468x60px

.

මට යන්නම යන්නැයි කිව්ව නිසා කේන්ති ගියා පළතුරු පිහියෙන් ඇන්නා - පානදුර ව්‍යාපාරික කාන්තාව මරා පළාගිය අනියම් සැමියා කියයි


මෙම ඝාතනය සම්බන්ධව පොලිසියට කොටුවූ වසන්ත ගාමිණී ඒ මිනීමැරුම සිදු කළ ආකාරය පාපොච්චාරණය කර තිබුනේ මෙසේය.

එයාට බිස්නස් එකක් තිබුනෙ නෑ. මමයි මගෙ සල්ලි වලින් තැනක් කුලියට අරන් බඩුත් ගෙනත් දාල එයාට ග්‍රොසරියක් ඇරල දුන්නෙ. තාම මාසයක්වත් නෑ ඒක ඕපන් කරලා.

සිද්ධිය වෙච්ච දවසේ රෑ 10 ට විතර මාසෙ අන්තිමේ ගණන් එකතු කරද්දි එයා මාත් එක්ක වාද කළා. මට හොඳටම බැන්නා. මං හිටියෙ බඩගින්නෙ. ඒත් මට කෑම දෙන්නත් බෑ කිව්වා. මට කිව්වා අපේ

සම්බන්ධෙ ඉවරයි මීට පස්සෙ පැත්ත පළාතෙ එන්න එපා. ගෙදර තියන ඇඳුම් ටිකත් අරන් පිටත්වෙලා යන්න කියලා.

මට හොඳටෝම කේන්ති ගියා. මෙච්චර දේවල් කරපු මට සලකන්නෙ මෙහෙමද කියල ඇහුවට එයා වෙනස් වුනේ නෑ. අපි දෙන්න ගහගත්තා. ඒ වෙලාවෙ මට ආපු කේන්තියට වටපිට බලද්දි පළතුරු කපන්න ගෙනාපු අලූත්ම පිහිය මං දැක්කා.මං ඒක අතට අරන් එයාට ඇනගෙන ඇනගෙන ගියා. එයා මැරුණා .මට පස්සෙ දුක හිතුණා. ඒත් මිනීමැරුමට අහුවෙන්නෙ මං බව දැනං හිටියා. බය හිතුණ නිසයි පැනල ගියේ.

සිද්ධියෙන් අනතුරුව ග්‍රොසරිය හා තමන්ගේ ෆාමසියද වසා ඉබියතුරු දැමූ වසන්ත ගාමිණී ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා. ඔහු මුලින්ම ගොස් තිබුනේ කතරගම ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසකටය. ඔහුව සොයා ගැනීමට පානදුර පොලිසිය විමර්ශන සිදු කළ අතර ඔහු කතරගමින් අනුරාධපුරයට පළාගොස් ඇති බව පසුව වාර්තා වී තිබුණා. 


මෙසේ පානදුර, හිරණ ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ මරාදමා තිබුණ මෙම කාන්තාවගේ ඝාතනයට සැකකරන ලද ඇගේ අනියම් සැමි ෆාමසි හිමියා සිද්ධියෙන් පසුව පළාගොස් සැගව සිටි අතර පොලිසිය සිදුකළ විමර්ශන වලින් අනතුරුව පෙරේදා අනුරාධපුරයේදී ඔහුව අල්ලා ගන්නට හැකිව තිබුනා.

දෙදරු පියෙකු වන 54 හැවිරිදි වසන්ත ගාමිණී නමැති ඔහු තමාගේ විවාහක කාන්තාව හා දරුවන් අතැර මරාදැමුණ කාන්තාව සමග එකට ජීවත්වන්නට පටන්ගෙන ඇත්තේ මින් වසර එකහමාරක පමණ කාලයක පටන්ය. 


ස්වාමියා මිය ගොස් සිටි වැන්දඹු කාන්තාවක වූ 48 හැවිරිදි මියගිය තුෂාරි වාසනා විෙජ්රත්න ඇගේ දියණිය හා බෑණා සිටි නිවසේම පදිංචිව සිටි අතර වසන්ත ගාමිණී සමග අනියම් ඇසුර එළිපිට සිදුකර තිබුණ අතර ඔහුව නිවසට ගෙන්වා ගෙන අඹු සැමියන් ලෙස එකට ජීවත්වීම දරුදැරියන් පවා දැන සිටි කාරණාවක් වී තිබුණා.

සිද්ධිය වූ දිනයේ මේ දෙදෙනාම නිවසට නොඒම සම්බන්ධයෙන් කලබලවූ දරුවන් ඒ ගැන සොයා බැලීමේදී මෙම ඝාතනය අනාවරණයවී තිබුණා.


අනුරාධපුරයේ වසන්ත ගාමිණීගේ සහෝදරයෙකු පදිංචිව සිටි අතර ඔහු පළාගොස් තිබුනේ ඔහු වෙතය. ෆාමසි හිමිකරු වසන්ත ගාමිණි අනුරාධපුර ප්‍රදේශයේ සැඟවී සිටිය දී පානදුර මූලස්ථාන පොලිසිය මගින් පෙරේදා (13) අත්අඩංගුවට ගත්තේ ඒ අනුවයි.

ඊයේ (14) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගරගත කිරීමට පානදුර මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබේ.
 
Related Posts with Thumbnails