Ads 468x60px

.

අම්මාට ලිපියක් ලියා අතුරුදන් වූ රත්ගම සිසුවාගේ සිරුර ගිං ගඟේ පාවෙමින් තිබියදී හමුවේ.


දියේ ගිලුණාද මරා දැම්මාද?
පරීක්ෂණ ක්‍රියාත්මකයි

"අම්මේ මට සමාවෙන්න" යනුවෙන් ලිපියක් ලියා පොත් බෑගය සහ සෙරප්පු දෙක ගිං ගඟ අසල තබා අතුරුදහන්වූ සිසුවෙක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත පහතින්.
බෑගයේ ලිපියක්‌ ලියා අතුරුදන් වූ ශිෂ්‍යයාට දින කීපයකට පෙර පුද්ගලයෙක් බැනළා..

එසේ අතුරුදහන්වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට අද (29) සමත්වුණා. ඒ,ගිං ගඟේ පාවෙමින් තිබිය දී. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ සිරුර හමුවූවේ බූස්‌ස රුපීවල වැවදේණියේ
පදිංචි රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කේ. ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති 15 හැවිරිදි සිසුවාගේ බව‍යි.

ගාල්ලේ උපකාරක පංතියට ගිය දරුවා නිවසට නොපැමිණී අතර ඔහු ගාල්ලේ සිට පැමිණ ගින්තොට මංසන්ධියෙන් බැස ඇති බවද පැවසෙනවා. මෙම සිසුවා හොඳින් පිහිනීමට හැකි අයෙක් බව පොලිසිය පවසනවා.

ඔහු මාස හයක පිහිනුම් පාඨමාලාවක්‌ද හදාරා ඇති බවද වාර්තා වනවා. ඉමේෂ් ශ්‍රීමාල් සිසුවා ගිංතොට පාළම අසල දමා තිබූ පොත් බෑගයේ අම්මේ තාත්තේ මට සමාවෙන්න ඔයාලාට බරක්‌ වෙන්න බැහැ යනුවෙන් ලිපියක්‌ ලියා ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වුණා.

පොලිසිය සඳහන් කළේ සිසුවාගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් මිනී මැරුමක්ද යන්න පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.


බෑගයේ ලිපියක්‌ ලියා අතුරුදන් වූ ශිෂ්‍යයාට දින කීපයකට පෙර පුද්ගලයෙක් බැනළා..
 
Related Posts with Thumbnails