Ads 468x60px

.

එල්ලා වැටෙන පියයුරු හැඩ කරගන්න ගිහින් අවසානේ ජාතික රෝහලේ පිහිට පැතූ රෝගීන්


එල්ලා වැටෙන  පියයුරු හැඩකර, වැඩි බඩ අඩුකර ලස්සන වීම සඳහා  හොර දොස්තරලා සොයා ගොස් චංචාවන්ට ලක්වෙමින් කාන්තාවන්  ඉතා  අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත් බව වාර්තා වෙයි.

ඒ අනුව එම කාන්තාවන්ගේ ජීවිත පවා බේරා ගැනීමට හැකි වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙනි.

එහි ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත්  පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම්

  පිළිබඳව කාන්තාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවය.

මේ හේතුවෙන් අවසානයේ සිදු වෙන්නේ මෙවැනි තැන්වලින් ලස්සන වෙන්න ගිය අයට ජීවිත අවදානමත් වීකෘති කැළැල් අවයව මත ඉතිරිවීම යැයිද හෙතෙම පෙන්වා දෙයි.

“ ඔබ දකින මේ ඡායාරූපයෙන් ඒ බව ඔබට පැහැදිළිව දකින්න පුලුවන්.මේ අප ලඟට අසාධ්‍ය තත්වයෙන් ආව කාන්තාවන් ගේ තත්ත්වය. මොවුන් මෙම ශල්‍යකර්ම කරගෙන තියෙන්නේ ලස්සන වෙන්න.  නමුත් දැන් තිබුනට වඩා අවලස්සනයි. 


ඒ වගේම පැය හතරක් පමණ  ගතවෙන වෛද්‍ය කණ්ඩායමක් රෝගියා නිර්වින්දනය කරලා රෝහල් ශල්‍යාගාරයක සිදුකරන මෙවැනි සැත්කම් මෙම හොර මධ්‍යස්ථානවල කරන්නේ  පුහුණුව නොලත් වෛද්‍ය වරයෙක්, හෙදියක් බව කියන කෙනකු ද සමඟ. රෝගියාගේ අවයව හිරි වට්ටවා පැය බාගයක් ඇතුළත.

සමහර ‍අසාධ්‍ය රෝගීන් අපට කිව්වා හිරිවැටීම අඩු වෙනකොට  දැනෙන වේදනාව ඉවසන් හිටියේ ඉතා අපහසුවෙන් කියලා. මෙහි ජීවිත අවදානම ගැන නොසිතා සිදුකරන සැත්කම් ජිවිතයත් මරණයත් අතරට පත්වන රෝගියා අනිතිමට එන්නේ රජයේ රෝහලට.


එවැනි අවස්ථාවක රෝගියාගේ ජීවිතය බේරා ගන්න අපට වෙහෙස මහන්සි වෙන්න සිදු වෙනවා. මෙවැනි අවස්ථාවකදී ප්‍රථිකාර සඳහා රජයට දරන්න වෙන පිරිවැය සැත්කමට හොර දොස්තරට ගෙවු මුදල මෙන් දෙගුණයක් නැත්නම් තුන් ගුණයක්.  

බඩ අඩුකර ගන්න සැත්කම් කරනවා. තෙල් තට්ටු අයින් කරනවා.  අන්තිමට ඉතිරි වෙන්නේ සැරව ගෙඩි ගොඩක් පමණයි.”
 
Related Posts with Thumbnails