Ads 468x60px

.

මනමාලි හෝටලේ මනමාලයා අයාලේ - මධුසමයදා රාත්‍රියේ සිද්ධවුනේ මොකක්‌ද?


බොහෝ තරුණ තරුණියන් ආදරයෙන් බැඳි තම ජීවිතය අකාලයේ විනාශ කර ගැනීම පිළිබඳව අප කොතෙක්‌ නම් අසා ඇතිද? "ආදරය අන්ධයි" කියමන ජන සමාජයේ ව්‍යවහාරයට ගැනුණේද ඒ පසුබිම තුළය.

කාමය සිත්වල සඟවා ගෙන ප්‍රේමණීය බස්‌ වහරන අපේ ඇතැම් තරුණයන් ආදරයටද නිගා කරමින් තම පෙම්වතිය අකාලයේ විනාශ කර දමන්නේ සිත් පිත් නැත්තවුන් ලෙසය. 


එමෙන්ම කාමයෙන් මුසපත්ව තම මව සහෝදරිය හෝ දුව හඳුනා ගැනීමට නොහැකි මිනිස්‌ වෙස්‌ ගත් කාමුක මෘගයන් ගැන අපට දැන්
දැන් වැඩි වැඩියෙන් කියවන්නට අසන්නට ලැබෙන තරමට අපේ ගුණධර්ම පිරිහී ගොස්‌ තිබේ. 

පසුගියදා හලාවත පාසල් දැරියක රවටාගෙන රැගෙන යාම ආසන්නම සිදුවීමයි. ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට තවත් එවැනි සිද්ධීන් කීයක්‌ ගැන අසන්නට ලැබේදැයි කිව නොහැක.

අප මේ පූර්විකාව කියමින් උත්සාහ කරන්නේ අපේ ජන සමාජය පිරිහී ඇති තරම ඔබට කියන්නට නම් නොවේ. ඒත් ඊට වඩා හැඟීම්බර කතාවක්‌ අපි පසුගියදා කියවීමු. මහනුවර දෙල්තොට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක්‌ අවසානයේ අලුත බැඳපු ජෝඩුව මධුසමය ගත කරන්නට ගියේ එම ප්‍රදේශයේම හෝටලයකටය. 


මේ මනාලයා හා මනාලිය එකම ප්‍රදේශයක අයය. ඔවුන් ආදරයෙන් බැඳී දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව විවාහ ගිවිස ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පෙරදීය. ඉතා චාම් විනීත ගති පැවතුම් ඇති මනාලයා තම බිරිඳ මලක්‌ මෙන් රැක බලා ගත්තේය. 

කිසිදු දිනක ඇය සිප වැළඳගෙන ඇය කිළිටි නොකරන්නේ විවාහ මංගල උත්සවය නිමකොට ඇගේ පිරිසිදු බව සිය දෙමාපියන්ට ඔප්පු කිරීම චාරිත්‍රයක්‌ව පැවැති නිසා යෑයි මනාලිය කල්පනා කළාය. මේ නිසා තම ප්‍රේමණීය ස්‌වාමියා පිළිබඳව ඇය තුළ තිබුණේ මහත් ගෞරවයකි.

කාලය කෙමෙන් ගෙවී යද්දී මනාලියගේ මෙන්ම මනාල පාර්ශ්වයද මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ජයටම සූදානම් කළෝය. "දැන් ඉතින් ඔය හිටියා මදැ. දෙන්නම වයසට යනවා. අපිට මුණුබුරෙක්‌ මිණිබිරියක්‌ බලන්න බැරිවෙයි ඔහොම හිටියොත්" දෙපාර්ශ්වයේ දෙමාපියන් එලෙස සඳහන් කළේ දෙදෙනාට පුංචි ලඡ්ජාවක්‌ද ඇති කරවමිනි. 


දෙපැත්තේ පෙරැත්ත මැද්දේ ජාතික සමගිය සහජීවනයද ඔප්නැංවෙන අයුරින් දෙපාර්ශ්වයේම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මඟුල ජයටම පැවැත්විණි. 

එදින කා බී විනෝද වූ නෑදැ හිතවතුන් උත්සව ශාලාවෙන් පිටව යද්දී සම්ප්‍රදායට ගරු කරමින් මේ මනාලිය හා මනාලය ද මධුසමය ගත කරන්නට ගියේ දෙල්තොට ප්‍රදේශයේ හෝටලයකටය. විසිතුන් හැවිරිදි තම ආදරණීය බිරිඳ කැඳවා ගෙන එන්නට ඔහු අලුතින්ම නිවසක්‌ද ඉදිකළේය.

සිහින පොදි බැඳන් යුගදිවිය අරඹන්නට වරම් ලැබූ මේ යුවළගේ සිහින ලොව විනාශ වන්නට ගතවූයේ හෝරා කීපයකි. මංගල උත්සවය නිම වී හෝටලයට ගිය යුවළ කිසිදාක විවාහයෙන් දික්‌කසාද වන්නට නොසිතන්නට ඇත. 


එහෙත් දැන් එසේ වන්නට කටයුතු කෙරෙමින් පවතින බව ගලහ පොලිසිය අපට කීවේය. මීට පාදක වූ පසුබිම සොයා ඔබට එය කියවන්නට සැලසිය යුතු යෑයි අපි කල්පනා කළේ එම කතාව තුළ අපේ සමාජයේ වැඩිහිටි අයටත් තරුණ තරුණියන්ටත් වැදගත් වන කරුණු රැසක්‌ ඇතැයි අප කල්පනා කළ නිසාවෙනි.

මධුසමයට ගිය මේ යුවළ එදා මධුසමය ගත කළේ නැත. රාත්‍රී 10.30 වන තුරු නිදි ඇඳේ එහා මෙහා පෙරළෙමින් සිටි මනාලියට නින්ද ගියේ දවසේ වෙහෙස කර බව නිසාමය. "මට ගෙදර වගේ නෙමෙයි මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි. ඔයා නිදා ගන්න" යෑයි සැබෑ ආදරවන්තයකු සේ වදන් දෙඩූ තම ස්‌වාමියා මධුසමය ගත කිරීම පසෙක දමා අතුරුදන්ව ඇති බව තේරුම් ගියේ ඇය මහ රෑ අවදිව බලද්දියි. 


ඇය අවදි වී තම ස්‌වාමියා කොහේදැයි හෝටලයේ තම කාමරය තුළත් නාන කාමර තුළත් සොයා බැලුවද ඔහු නොසිටියේය. ඇය කලබලයටත් බියටත් පත්ව තම දෙමාපියන්ට දුරකථන ඇමතුම් දී තම ස්‌වාමියා අතුරුදන් බව දැන්වීය. දෙමාපියෝද කලබලයට පත්ව තම පුතා, බෑණා සොයන්නට විය. අවසානයේ ඔවුන්ට පොලිසියේ සහයද ඉල්ලා සිටින්නට සිදුවිය.

අවසානයේ ඔහු දෙල්තොට දාරාඔය ප්‍රදේශයේ මහ මඟ ඇවිද යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව ඔහු පොලිසියට කැඳවාගෙන ආවේය. මේ සිදුවීමෙන් පසු මනාලිය හා මනාලයාගේ පවුලේ අය අතර විවිධ මත භේද ගොඩනැගුණි. 


පුතා මානසික රෝගියකු බවත් එසේ තිබියදී එය වසන් කර තම දුව විවාහ කරගෙන ඇත්තේ වංචනිකව බවත් මනාලියගේ පාර්ශ්වයෙන් චෝදනා නැගුණි. ඒ කිසිම දේකට පිළිතුරු දෙන්නට හෝ සිදුවූයේ කුමක්‌ද යන්න අදහාගත නොහැකිව මනාලයාගේ දෙමාපියන් හා ඥතීහූ මහත් කම්පනයකට පත්ව සිටිති. 

මෙය සිවිල් ගණයට ගැනෙන සිදුවීමක්‌ නිසා පොලිසියට ක්‍රියා කළ හැකි සීමාවක්‌ද ඇත. කෙසේ වුවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලට අනුව ඔහු මානසික ආබාධයක්‌ ඇති අයකු බව ඔප්පු වී නැති බව පොලිසිය සඳහන් කරයි. එසේ නම් මධුසමයට සූදානම්ව සිටි ඔහු මහ රෑ හෝටලයෙන් පැන ගත්තේ ඇයි? 

එසේ කිරීමට බලපෑ හේතු කවරේද? ඔහු මානසික ආබාධයකින් හෝ කිසියම් කම්පනයකින් පෙළෙන්නේද? මේ සියල්ලට මෙන්ම වසර එකහමාරක ආදර කතාවේ සිප වැළඳ ගැනීමක්‌වත් නැතිනම් ඒ සැබෑ ප්‍රේමයේ සත්‍ය ප්‍රේමයේ කැඩපතද නැතිනම් වෙනත් අපට ඔබට නොපෙනෙන ගැටලුවක්‌ද?

දැනට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු කිසියම් ශාරීරික දුබලතාවක්‌ හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මධුසමයදා, රාත්‍රියේ හෝටලයෙන් පැනගොස්‌ ඇති බව තහවුරු කරගෙන ඇත. කෙසේ වුවද මෙම සියලු කාරණා නිත්‍ය වශයෙන් තහවුරු කරගත හැක්‌කේ ඔහු වෛද්‍යවරයකු හමුවට පැමිණවීමෙන් පසුවය.

එය කෙසේ වෙතත් වැඩිහිටියන් හා දෙමාපියන් ඔවුන්ගේ සැබෑ වගකීම පැහැර හැර ඇති බව මෙයින් මනාව ප්‍රකට වන කරුණකි. මනාලයා හා මනාලිය යනු ජීවිත දෙකක්‌ පමණක්‌ නොව හැම තරුණියකගේම බලාපොරොත්තුව තම විවාහය හැකි පමණින් ඉතා උසස්‌ ලෙස කිරීමය.


ඊටත් වඩා ඇය බලාපොරොත්තු වෙන්නේ යුග දිවිය සදාකල්ම සැනසීමෙන් සතුටින් ගෙවීමටය. මෙම කටයුතු ගෞරවනීයව කළ හැක්‌කේ ජීවිතයටම එක්‌ වරක්‌ පමණි. එය තම පරම්පරාවේ ගෞරවය හා පෞරුෂයද රැකෙන එකකි. තම ජීවිතයේ කාලයක්‌ තිස්‌සේ ගොඩනඟාගත් ගෞරවය එක රැයකින් විනාශ වෙනවා නම් එය කෙතරම් ෙ€දජනකද?

මෙය මෙසේ සාමකාමී ලෙස සිදු වූවත් අලාභය හා හානිය මෙම දෙපාර්ශ්වය විසින්ම විඳ ගැනීමෙන් සිදුවීමට ගිය මහා අපරාධයක්‌ වැළකී ඇත. නමුත් සෑම විටම වැඩිහිටියන් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වූවානම් මෙය සිදුනොවනු ඇත.

මෙම සිද්ධියෙන් අපට ගම්‍ය වනුයේ පැරැණි කියමනක්‌ අදටත් ඔබින බවය. එය නම් "පනින්න පෙර සිතා බලනු" යන්නය. එය එසේ සිදුවූවානම් මෙවන් ෙ€දනීය සිද්ධියක්‌ සිදුනොවනු ඇත.
 
Related Posts with Thumbnails