Ads 468x60px

.

මටනං ඇමතිකං ඕන්නෑ. ඒත් සර් වයිෆ්ටනං ඇමති කමක් නැතුවම බෑ වගේ - කෙහෙළියගෙන් පිළිතුරු


හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එජාපයට සම්බන්ධ වීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ බවත්, ඊට පක්ෂ නායකත්වයේ අනුකූලතාවක් නොමැති බවත් පසුගිය සමයේ ජනප්‍රිය පුවතක් විය. 

ඒ බව පැවසූවේ එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාය. රඹුක්වැල්ල මහතා ඊට පිළිතුරුද සැපයීය. එහිදී ඔහු කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමකින් ඉල්ලුවත් ඡන්ද ලක්ෂයකට වඩා ගත හැකි තමාට එජාපයට යාමට තරම් අහේනියක් නැති බවයි.

මේ දිනවලද රඹුක්වැල්ල මහතා බොහෝ වෙබ් අඩවි වලට පුවතක් බවට පත්ව තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ බරබරය නිසා කෙසේ හෝ ඇමති කමක්

ගන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම පිළිබඳවය.

'අනේ සර් ගෙදර යන්න බෑ වයිෆ්ගෙ බරබරේ. මම මේ දවස්වල ඉන්නෙ කැන්ඩි ස්විස් හෝටලේ. ගෙදර ගිය ගමන් වයිෆ් අහන්නේ කවද්ද ක්‍රොස් ඕවර් කරනනෙ කියලා. මටනං ඇමතිකං ඕන්නෑ. ඒත් සර් වයිෆ්ටනං ඇමතිකමක් නැතුවම බෑ වගේ."

මෙසේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇමතිකමක් ගන්නට පිංසෙන්ඩු වූවේ දැයි අප පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටියා. එම ‍පුවත පිළිතුරු දීමට තරම්වත් නොවටින අසත්‍ය පුවතක් බවයි එහිදී රඹුක්වැල්ල මහතා පැවසුවේ.

මේ පුවත් අසත්‍ය බව ඔප්පු කිරීමට තමාට හැකි බව පවසන රඹුක්වැල්ල මහතා, තමා සමග ඕනෑම නාලිකාවක සජීවීව විවාදයකට පැමිණෙන ලෙසට අසත්‍ය පුවත් මවන්නන්ට අභියෝග කරන බවද පැවසුවා.
 
Related Posts with Thumbnails