Ads 468x60px

.

අපි විජේසිංහ මුදියන්සේලාගේ ලොකුබණ්ඩාරලා - දකින දකින මිනිහගෙ සරං හදන්න යන්නේ නෑ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඌව පරණගම සිදු කළ සංචාරයේදී හීන්නාරංගොල්ල වැලිමඩ විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ වේදිකාවක සිටියදී උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා ළඟ කිසියම් කටයුත්තක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූපය පිළිබඳව බොහෝ මාධ්‍ය  වාර්තා කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍ය  වාර්තා කර තිබුණේ උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ
සපත්තු දෙක සරමෙන් වහන්නට උත්සහ කරන බවයි යනුවෙන් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසුවා. 

ඒ විහාර භූමියක් තුළ වේදිකාව මත සිටියදී සපත්තු නොගැලවීම සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපන එල්ලවේ යැයි බිය නිසා බවත් එම වාර්තාවල සඳහන්ව තිබූ බවත් පැවසුවා.

නමුත් මෙම මාධ්‍ය හමුවේදී උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ වෙනත් කරුණකි.

"අපි දකින දකින මිනිහගෙ සරං හදන්න ඉන්න මිනිස්සු නෙමෙයි.. අපි විජේසිංහ ජයවිරු මුදියන්සේලාගේ ලොකුබණ්ඩාරලා.." යනුවෙන් උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී පවසා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න..



600(37)1496475_10152800304421467_4909764651218695238_o 10486544_10152800304746467_5379075109868419582_o 11045284_10152800304911467_888069225905294783_o 11266653_10152800304416467_6313042873106277115_o 11402519_10152800304756467_5294160807824863297_o 11402563_10152800304076467_8257155098005563104_o 11536477_10152800304111467_3687412835631090981_o
 
Related Posts with Thumbnails