Ads 468x60px

.

වෙරළු කැඩූ ළමුන්ට මර්වින්ගේ දඬුවමක් නරුමයා


නාගසේන ප‍්‍රදේශයේ ප‍්‍රධාන දමිළ පාසැලක පාසැල් ළමුන් තිදෙනෙක්  ගස්බැඳ තිබියදී ප‍්‍රදේශවාසීන් විසින් එම ළමුන් තිදෙනා බේරාගෙන ලිදුල පොලීසියට භාරදී තිබෙන පිලිබඳ පුවතක් ලිදුල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පාසැලේ 6 වන වසරේ අධ්‍යාපනය ලබන මෙම පාසැල් ළමුන් තිදෙනා පාසැල හැර නිවසට යන අතරතුර ප‍්‍රධාන මාර්ගයේ පසෙක නිවසක් අභියස බිමවැටී

තිබූ වෙරලු ඇහිදමින් සිටින අවස්ථාවේ නිවෙස් හිමියා මෙම පාසැල් ළමුන් තිදෙනාව එම වෙරලු ගසේම ගස්බැඳ පහරදුන් බව එම පාසැල් ළමුන් විසින් ලිදුල පොලීසියට පවසා තිබෙන බවයි.

දිනපතා පාසැල් ළමුන් විසින් මෙම වෙරලු ගසට ගල් ගසා වෙරලු කඩන බවත් මෙම පාසැල් ළමුන් තිදෙනා බියගැන්වීමට ගස් බැන්ද බවත් නිවෙස් හිමියා පවසනවා. මෙම පාසැල් ළමුන් තිදෙනා ගස්බැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියාව සැකපිට ලිදුල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව ලිදුල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.



 
Related Posts with Thumbnails