Ads 468x60px

.

හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වන අගමැති අපේක්ෂක ෆේස්බුක් වනසයි...


හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.

මහින්දගේ අගමැති අපේක්ෂාවන් කුඩුපට්ටම් වී ඇති මොහොතක ඒ සියල්ල පසෙක ලා හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වෙන මේ දේශපාලනික ක්‍රියාකාරීත්වය කුමක්ද ? මේ, මල්වට්ටි දෝතින් රැගෙන

පන්සල් ගාණේ දේශපාලන රැස්වීම් තියනා ඊනියා සදාචාරවාදීන්ගේ සැබෑ කුහක කමේ නිරුවතයි.

එම පෝස්ටරය සඳහා හිරුණිකාගේ මංගල ඡායාරූප ඇගේ උදරය ඉස්මතු වනසේ පෙන්නුම් කෙරෙන අයුරින් යොදාගෙන තිබිණි. ඇත්තෙන්ම හිරුනිකා ගැබිනියක් වී නම් එය ඇගේ සහ ඇගේ සැමියාගේ පුද්ගලික ප්‍රශ්නයකි. 


ඊට දේශපාලනයක් ඈඳා ගත යුතු නැත. වැඩවසම් හර පද්ධතීන්ට නෑකම් කියනා බොහෝ දෑ ඔසවා තබමින් සිංහල බෞද්ධ නම් නියෝ හයිබ්‍රීඩ් ජාතිකත්වයක සදාචාරය ගැන කියනා උන්ට සුද්දා පැමිණිමට පෙර මෙරටේ පැවැති අශිෂ්ඨත්වයට ගැන කිසිවක් මතක නැත.

මින් පෙර පරම්පරා තුනකට හතරකට ඉහත මිනිසුන් ගැහැණුන් දරුවන් දුසිම් ගණන් හැදුවේ පොතේ අත්සන් කර නොවේ. ලිංගික සබඳතා , ලිංගික හැකියා , විවාහය හෝ දරුවන් බිහිකිරීම වැනි පෞද්ගලික කාරණා හැර දේශපාලන විවේචනයක් හෝ සොයා ගත නොහැකි තැනට රාජපක්ෂ කඳවුර බංකොලොත්ය. මේ පෙන්නුම් කරන්නේ එය ය.



 
Related Posts with Thumbnails