Ads 468x60px

.

මෛත්‍රිගේ ලියුමට මහින්දගේ උත්තරේ මෙන්න..!


ඊයේ සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත නිල වශයෙන් යොමු කළ ලිපියට ඊයේ සවස හෝමාගම සහ ගම්පහ පැවති ජන රැළි දෙකකදී මහින්ද රාජපක්ෂ පිළිතුරු ලබාදුන්නා.

ඉන් එක් අවස්ථාවක එය හඳුන්වාදී තිබුනේ තමාට මෛත්‍රී ලව් ලෙටර් එකක් එවා ඇති බවට උපහාසයෙනි. අනෙක් අවස්ථාවේ කියා සිටියේ මොන ලියුම් එව්වත් ජනතාව තීන්දු කරලා ඉවරයි යනුවෙනි. අනෙක්

අයට අගමැති කම දෙන්න නම්‍යශීලී වන ලෙස මෛත්‍රීගේ ඉල්ලීමට මහින්ද නම්‍යශීලී නැති බව එම ප්‍රකාශ වලින් සනාථ වුණා.

කෙසේ වෙතත් මෙම ලියුමත් සමග සන්ධානයේ මහින්ද හිතවාදීන් අතර ඊයේ සවස කිසියම් කැළඹිලි සහගත තත්වයක් පැනනැගී ඇත. තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට ලොකුම තුරුම්පුව කරගෙන සිටින මහින්ද ඊළග නායකයා කරවීම මත තමන්ගේ ඉදිරි පැවැත්ම සකසා ගන්නට උත්සාහ දරන අයට එය ඉටු නොවීමේ අපේක්ෂා භංගත්වය මෙම කැළඹීමට එක් හේතුවක් වුණා.

එමෙන්ම මහින්ද ඉදිරි නායකයා නොවීම යන කාරණය නිසා ජනතාව මහින්ද වටා එක් රැස්කර මැතිවරණයේදී එජනිසට ඡන්ද ලබාදීමට ඔවුන් දියත් කළ ප්‍රබෝධාත්මක ප්‍රචාරණයට මෙම ප්‍රකාශයෙන් පහර වැදී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ නිකුත් කර ඇති ලිපියට ප්‍රතිචාර දක්වමින් අද (14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා ඇති බවද මේ අතර වාර්තා වුණා.

ඒ සඳහා මහින්ද වෙනුවට අගමැතිකම දෙන්නට මෛත්‍රි නම් කළ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවි රත්න, චමල් රාජපක්ෂ ඇතුළු අය පැමිණෙන බව දන්වා ඇති මුත් ඔවුන් සියල්ලගේ සහභාගීත්වය එයට ලැබේද යන්න සැකසහිත බව දේශපාලන ආරංචි හෙළි කරනවා.

ඊයේ හෝමාගම රැළියේදී මහින්ද තමන්ට ලැබුණ ලියුම ගැන පවසා සිටියේ මෙසේය.

මට ලියුමක් එවලලූ...මම දන්නේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ. ලව් එක කැඩුනම ලියන එකක් වෙන්න පුළුවන්. ලියුම බලන්න ඕන කතා කරන්න.

ඊයේ ගම්පහ රැළියේදී මහින්ද තමන්ට ලැබුණ ලියුම ගැන පවසා සිටියේ මෙසේය.

ඔය ලියුම තාම මගේ අතට හම්බ වුනේ නෑ.. මම තාම පිට ඉන්නේ..දැන් බලන කොට ඒක හැම තැනම තියනවලූ වෙබ් එකේ මට වෙබ් එක බලන්නත් වෙලාවක් තිබ්ඛෙ නෑ. ඉතින් කොයි ලියුම ලිව්වත් මේ රටේ ජනතාව අද තීන්දු කරල ඉවරයි.. කියන එක අපි පැහැදිලිවම කියනවා.
 
Related Posts with Thumbnails