Ads 468x60px

.

සීයලා ආච්චිලා රන්ජන්ව ඉඹින හේතුව..?


රන්ජන් රාමනායකව දේශපාලන රැස්වීම්වලදී ආච්චිලා සීයලාත් සිප වැළඳ ගන්න හැටි අපි දැක තිබෙනවා. ඒවගේම රන්ජන්ගේ හැම රැස්වීම කදීම ආච්චිලා සීයලා එක්ක ෆොටෝ ගහන්නත් වෙනම කාලයක් යොදා ගෙන තිබෙනවා.

"මම ස්ටේජ් එකට නැග්ගම සින්දු 03ක් කියනවා. විනාඩි 20ක් විතර කතා කරනවා. ඊට අමතරව සෙල්ෆි ෆොටෝ ගන්න විනාඩි 15ක් විතර වැය කරනවා. ආච්චිලා සීයලා එක්ක ෆොටෝ ගන්නවා. පොඩි ළමයි

බලාගෙන ඉන්නවා. එයාලව වඩාගෙන ෆොටෝ ගන්නවා. ඉතින් ඔය ටික මම අනිවාර්යයෙන්ම කරනවා. "

රන්ජන් රැස්වීම්වලට කාලය වෙන් කළ හැටි කියන්නේ එලෙසයි. ඒ වගේම ආච්චිලා සීයලා ඉඹින එක රන්ජන් දකින්නේ වෙනත් ආකාරයකට.

"ආච්චිලා සීයලා පුතේ පුතේ කියලා ඉඹින එක නම් හිතාගන්න බෑ. එයාලා මාව ග්‍රහණය කරගත්තේ කොහොමද කියලා මම දන්නේ නෑ. මට අම්මා තාත්තා නැති හින්දද දන්නෙත් නෑ. " යැයි රන්ජන් තමන් හිතන ආකාරය කියනවා.

තමන්ගේ  මව පියා නොමැති නිසා තමයි රන්ජන් රාමනායක එහෙම හිතන්නෙ.
 
Related Posts with Thumbnails