Ads 468x60px

.

ෆේස්බුක් හා ට්විටර් හරහා ඇවිලෙන Coca-cola විරෝධය


මහමැතිවරණය පැවති පසුගිය අගෝස්තු 17 වන දින කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් සඳහා වූ ජල සැපයුම් හදිසියේ අත් හිටවනු ලැබුවේ, මිලියන ගණනාවක් වූ ජනතාවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කැළණි ගඟට ඩීසල් කාන්දු වීම නිසා ය. 

අදාළ සිද්ධිය පිලිබඳ සිදු කරන ලද පරීක්ෂණ වලින් පසුව හෙළිදරව් වූවේ එම ඩීසල් කාන්දුවට හේතුව බියගම ප්‍රදේශයේ පිහිටා ඇති කොකා
කෝලා කර්මාන්ත ශාලාවේ භූගත ඩිසල් නලයක ඇතිවූ පිපිරීමක් බවය.

ජාතික ජල සැපයුම් මණ්ඩලයට අනුව අගෝස්තු 17 දින  උදැසන 7 ට පමණ ඔවුන් විසින්  අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයේ ටැංකි මත තෙල් වැනි ද්‍රව්‍යයක් පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇති අතර ඉන් පසුව ඔවුන් තීරණය කර ඇත්තේ අඹතලේ ජල පවිත්‍රාගාරය වසා දමා එම තෙල් වැනි ද්‍රව්‍ය පිරිසිදු කිරීමට කටයුතු කිරීමය. 

මේ තෙල් වැනි ද්‍රව්‍ය නිසා අඹතලේ පවිත්‍රාගාරයේ පෙරහන් වලටද යම් හානියක් වන්නට ඇතැයි සැක කෙරෙයි. තවද කැළණි ගඟේ රැඳී තිබු අපවිත්‍ර ජලය ඉවත් කිරීම සඳහා ලක්‍ෂපාන ජලාශයෙන් ජලය නිකුත් කිරීමටද මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ පිලිබඳ අදහස් දක්වන කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම පවසන්නේ සිදුව ඇත්තේ ඩිසල් කාන්දුවීමක් ද එසේත් නැත්නම් වෙනත් වර්ගයක අහිතකර රාසයනික ද්‍රව්‍යයක් දැයි යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවයි. ඒ සඳහා අදාල ජල සාම්පල් ඉන්දියාවට යවා ඇති බව පැවසෙයි. 


එමෙන්ම කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමේ පාරිසරික බලපත්‍රය දැනටමත් අවලංගු කර ඇති අතර රුපියල් බිලියනයක දඩයක් ගෙවීමට එම සමාගමට නියම කර ඇත. ඒ අනුව මෙම සිදුවීමට නිසි විසඳුමක් ලැබෙන තෙක් ශ්‍රී ලංකාව තම නිෂ්පාදන කටයුතු සිදු කිරීමට කොකා කෝලා සමාගමට නීතිමය අවසරයක් දැන් නැත.

සිදු වූ හානිය පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරන කොකා කෝලා සමාගම තෙල් නලයේ වූ හානිය පිලිබඳ දැනුවත් වූ වහාම එයට පිළියම් යෙදීමට තමන් කටයුතු කළ බවත් නමුත් ඒ වනවිට ජලවහන පද්ධතිය (drainage system)  හරහා කර්මාන්ත ශාලාවට ආසන්නම ජල මූලාශ්‍රය වන කැළණි ගඟට යම් කිසි තෙල් ප්‍රමාණයක් එක්වී ඇති බවත් එම නිවේදනයෙන් ඔවුන් පවසා සිටියි.

පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක පමණක් පල වුන මෙම ප්‍රවෘත්තිය පිළිබද වැඩි අවධානයක් යොමු වූවේ සමාජ ජාල තුල සිදු වූ පරිසර දූෂණය පිලිබඳ උණුසුම් කතිකාවතක් ඇති වීම හේතුවෙනි. 


ෆේස්බුක් හා ට්විටර් අඩවි වල ක්‍රියාකාරී පරිශීලකයන් බොහෝ දෙනෙකු අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෝකා කෝලා සමාගමට සිය අප්‍රසාදය පල කර සිටින්නේ මේ සා විශාල ජල අපවිත්‍ර වීමක් වනතෙක් ඩිසල් කාන්දුවීමක් සොයාගැනීමට නොහැකි නම් එම කර්මාන්ත ශාලාවේ සැකැස්ම සහ නඩත්තුව ගැන විශාල ගැටළුවක් මතු වන බව පවසමිනි. 

සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී අදාල කර්මාන්ත ශාලාව මගින් නියමිත අංශ දැනුවත් කිරීම කල යුතු වන බව පවසා සිටින ඔවුහු කොකා කෝලා සමාගම එම පියවරයන් අනුගමනය කළේදැයි සොයා බැලිය යුතු බව පවසති.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සිදු කරන ලෙස මෙන්ම සිදුවූ පරිසර හානිය වෙනුවෙන් පිළියම් යෙදීමට සමාගම විසින් වන්දි මුදලක් ගෙවිය යුතු බව පවසමින් සැකසුණ පෙත්සමක්ද මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී. 


සමාගමට පැනවූ රුපියල් බිලියනයක දඩ මුදල අඩු කරන ලෙස මෙන්ම යලිත් නිෂ්පාදන කටයුතු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට සමාගම උත්සාහ කළ බවට අභ්‍යන්තර වාර්තා ලැබී ඇති බවට එම පෙත්සම මගින් කෝකා කෝලා ශ්‍රී ලංකා සමාගමට චෝදනා එල්ල කර ඇත.

සමාජජාල තුල පළවූ එවන් අදහස් කිහිපයක් පහතින්, 



 



 

 







 
Related Posts with Thumbnails