Ads 468x60px

.

කාමර තුළ සිටි පෙම්වතුන්ගේ හැසිරීම් සජීවීව මුදලට පෙන්වූ ලැගුම් හලක් (වීඩියෝ)


පෙම්යුවල් හට නවාතැන් පහසුකම් සපයන කුලියාපිටියේ ලැගුම්හලක සිදු වූ අයතා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පසුගිය දා පොලීසියට හැකි විය.

එහි කාමර තුල සූක්ෂම ලෙස සඟවා සවිකර තිබූ කැමරා මගින් මෙම ලැගුම්හලට පැමිණෙන පෙම්වතුන්ගේ හැසිරීම් පටිගත කර ඇති බව මෙහි දී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

කාමර තුළ යහනට මුහුණලා සවිකර ඇති විදුලි පේණු තුළ මෙම කැමරා සවිකර තිබී ඇති අතර කාමර තුළ සිටින පෙම්වතුන්ගේ දර්ශණ වෙනත්
කාමරයක සිට සජීවීව නැරඹීමේ පහසුකම් ද මෙම ලැගුම්හලේ සකස් කර තිබී ඇත.

එමෙන්ම එම සජීවී දර්ශණ මුදලට ප්‍රදර්ශණය කර ඇති බව ද සඳහන් වේ.

ලැගුම්හලෙහි පැමිණීමේ සටහන් පොත පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ බොහොමයක් නව යොවුන් වියේ තරුණ තරුණයින් මෙම ස්ථානයට බහුලව පැමිණ ඇති බව යි.

එම සිද්ධියට අදාළ හිරු වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails