Ads 468x60px

.

ඹෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියකට අතවර කල ප්‍රසිද්ධ පාසැලක විදුහල්පති


පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු   පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට අසල් වාසියෙකු   ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත. 

ඒ අනුව (25) වන දින වනාතවිල්ලුව පොලිසිය මගින් අදාල දැරිය කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා  පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය භාජනය කර ඇති බව වනාතවිල්ලුව පොලිසියෙන් ආරංචි වනවා.

මෙලෙස අදාල සිද්ධියට මුහුණ පා ඇත්තේ වනාතවිල්ලුව, ඩබ්ලිව් පහ වගාව ප්‍රදේශයේ පදිංචිකාරි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවත්,

අදාල ශිෂ්‍යාව පසුගිය වසරේදී දෙමාපියන් විසින් පුත්තලම නගරයේ ප්‍රසිද්ධියක් දරණ මෙම පාසලට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ඇතුළත් කර ඇති බවටද වාර්තා වේ.

අනතුරුව අදාල දැරියට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කිහිප වතාවක්ම අධ්‍යාපනයට බාධාවන අයුරින් පාසල් කාලයේදී තමාගේ කාර්යාලය වෙත කැදවාගෙන ගොස් නොයෙකුත් ආකාරයේ අසැබි යෝජනා කරන බවත්, දැරියගේ සිරුර කිහිපවතාවක්ම ස්පර්ශ කර ඇති බවට දැරිය විසින් දැරියගේ මවට කල ප්‍රකාශයකින් පසු දැරියගේ මව විසින් පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයට කල පැමිණිල්ලකට අනුව අදාල විදුහල්පතිවරයාට දුෂ්කර පාසලකට ස්ථාන මාරුවක් ලබා දී තිබූ බවටද වාර්තා වේ.

ස්ථාන මාරුව ලබා ගැනීමෙන් අනතුරුව (24) වන දින සවස අදාල විදුහල්පත වරයා දැරියගේ නිවසට පැමිණ දෙමාපියන් හා දැරියගෙන් සමාව අයැද ගොස් ඇති බවද කියයි.


එම සිද්ධිය ඇසින් දුටු අසල්වාසියෙකු විසින් ළමා ආරක්ෂණ අධිකාරියට කල දුරකතන දැණුම් දීමකින් පසුව ළමා ආරක්ෂණ අධිකාරිය මගින් වනාතවිල්ලුව පොලිසියට ලබා දී තිබූ හදිසි දුරකතන පණිවිඩයකට අනුව අදාල දැරිය හා දෙමාපියන් (25) වන දින කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීම් සිදු කල බව වනාතවිල්ලුව පොලිසිය සදහන් කරයි.

එහිදී දැරිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ අදාල විදුහල්පතිවරයා තමන්ට කිහිපවතාවක්ම විවිධාකරයේ අසැබි යෝජනා කල බවත්, තමන්ට අධ්‍යාපන කටයුතු වල නිරතවීමට නොහැකි ආකාරයෙන් නිතරම
විදුහල්පතිවරයා කාර්යාලයට කැදවාගෙන ගොස් කාමරයේ දොර ගුළු වසා තමන් සමග ලිංගිකව හැසිරීමට බලකරන බවත්ය.

අනතුරුව දැරිය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යැවීමට වනාතවිල්ලුව පොලිසිය කටයුතු කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සදුන් ගහවත්ත මහතාගේ උපදෙස් පරිදි පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.
 
Related Posts with Thumbnails