Ads 468x60px

.

දහතුනේ දියණියට තිස්අට හැවිරිදි පියාගෙන් දුවක්


නැටුම් ශිල්පියකු වූ තම සැමියාගේ සහ තම 13 හැවිරිදි බාල වයස්කාර දියණියගේ සම්බන්ධයක් පොලිසියට වසන් කළ පයාගල ප්‍රදේශයේ 37 හැවිරිදි මවක් එළඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය නියෝග කර තිබෙනවා.

පියා විසින් දහතුන් හැවිරිදි දියණිය දූෂණය කිරීමෙන් ඇයට දියණියක් ලැබීමත් එම දැරිය හදාවඩා ගැනීමට වෙනත් කාන්තාවකට භාරදීමත්

සැඟවීම සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් එම බාල වයස්කාර දැරියගේ මව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

තිස්අට හැවිරිදි තම සැමියා බාල වයස්කාරියක වූ 13 හැවිරිදි දියණිය සමඟ පැනගොස් ඇතැයි පයාගල පොලිසියට පැමිණිලි කිරීමට පැමිණීමෙන් පසු බන්ධනාගාර ගතවූ කාන්තාවගෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

13 හැවිරිදි දියණිය පාසලේ 8 වසරේ ඉගෙනුම ලබද්දී ඇගේ පියාගෙන් දූෂණයට ලක්ව 2014-10-17 දින හෝමාගම රෝහලේදී දියණියක ප්‍රසූත කර තිබෙනවා.

ඇයව දරුකමට හදා ගැනීමට වෙනත් කාන්තාවකට භාරදී දහතුන් හැවිරිදි දියණිය සැමියාගෙන් බේරා ගැනීමට හොරණ ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවයට නතර කළ බව රිමාන්ඩ් ගත මව හෙළි කළා.

පසුගිය දිනෙක තම සැමියා දියණියව හොරණ ප්‍රදේශයේ නිවෙසින් රැගෙන පලා ගොස් ඇති බවට පයාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම පුවත හෙළි වුණා.

ප්‍රදේශයේ විවිධ උත්සවවල එම පියා සහ දියණිය නැටුම් සන්දර්ශන ඉදිරිපත් කර ඇති අතර සන්දර්ශනවලින් පසු රාත්‍රි කාලයේදී පියා දැරිය දූෂණය කර හොර අඹුව ලෙස තබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකළ කාන්තාවගේ අවුරුදු 09ක් වයසැති පිරිමි දරුවා සහ දැරියට උපන් දස මාසයක් වූ බිලිඳිය සැකකාරියගේ ඥාතීන් භාරයට පත් කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
 
Related Posts with Thumbnails