Ads 468x60px

.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා දැන් ලොලිපොප් ඊලගට මාෂ්මෙලෝස්...

ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති අතර ඇන්ඩ්‍රොයිඩ් බහුලවම භාවිතා වන්නකි. ස්මාර්ට් ජංගම දුරකථන හා ටැබ් සදහා ගූගල් සමාගම මෙය හඳුන්වාදී ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය දුරකථන නිෂ්පාදන සමාගම්වන සැම්සුන්ග්, ගූගල් නෙක්සස් නිතැතින්ම භාවිත කරයි.

ඩෙස්ක් ටොප් පරිගනක වලට වින්ඩෝස් 98-2000-එක්ස්පී-7-8-10 ආදී සංස්කරණයන් එක්වන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ අපූරු නාමකරණයකින් යුක්තව නිකුත්වේ.


මීට ඉහත නිකුත් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිලිවලට විවිධ පැ
ණි රස කෑම වර්ගයන් ගේ නාමවලින් යුක්තව
නිකුත් කෙරිණි. මේ කාලයේ භාවිත වන්නේ එල් අකුරින් ලොලිපොප්ය. ඊළගට ඇත්තේ එම් අකුරයි.

එම වතාවේදී මාෂ්මෙලෝස් යන නාමයෙන් යුක්තව නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීමට නියමිත බව ගූගල් සමාගම සදහන් කරයි. පැර
ණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල නාමයන් පහතින්.

•  Cupcake
•  Donut
•  Éclair
•  Froyo
•  Gingerbread
•  Honeycomb
•  Ice Cream Sandwich
•  Jelly Bean
•  Kit Kat
•  Lollipop
•  ...and now, we have Marshmallow.
 
Related Posts with Thumbnails