Ads 468x60px

.

දික්කසාදයෙන් පසුව පිරිමි ඇසුරු කළොත් නඩත්තු මුදල් නෑ


කාන්තාවක් සිය දික්කසාද සැමියාගෙන් නඩත්තු මුදල් ලබා ගැනීමට නම් දික්කසාදයෙන් පසුව බ්‍රහ්මචාරී ලෙස හැසිරිය යුතු බවට ඉන්දීය අධිකරණයක් තීන්දුවක් ලබා දී තිබෙනවා.

නාගමුත්තු නම් විනිසුරුවරයා  සිය තීන්දුවෙන් ප්‍රකාශ කර ඇත්තේ දික්කසාදයකින් පසු විවාහය තුල සිය සැමියා වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ආකාරයෙන්ම හිටපු සැමියාගෙන් පසු වෙනත් කිසිදු

පුද්ගලයෙකු හා ලිංගිකව හැසිරෙන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බවයි.

නඩත්තු ලබා ගන්නා අතරතුර දී ඇය විසින් තවත් පිරිමියෙකු හා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වුවොත් එය ඇයගේ නඩත්තු මුදල් ගෙවීම අත්හිටවීමට හේතුවක් වනු ඇති බවයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම තීන්දුව ඉදිරි දික්කසාද නඩු වලටද බලපාන අතර විනිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශය ඉදිරි නඩු වලදී විනිසුරුවරයන් පදනමක් ලෙස යොදා ගැනීම තුලින් සැමියාගේ වැරදි මත දික්කසාද වන කාන්තාවකට පවා සිය සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට නම් සිය ජීවිතයට තනිව මුහුණ දෙමින් බ්‍රහ්මචාරී දිවියක් ගත කිරීමට නෛතිකව කෙරෙන බලපෑම සාධාරණ නොවන බවයි ඉන්දීය ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ.

ඉන්දියානු පවුල් නීතියට අනුව කාන්තාවක් අනාචාරයේ හැසිරීමෙන් දිකසාදය තීන්දු වන අතර මෙම තීන්දුවට අදාළ නඩුවේ පවුල් අධිකරණය විසින් දික්කසාදය තීන්දු කර තිබුනේ කාන්තාව අනාචාරයේ හැසිරීම යන හේතුව මත බැවින් එම කාන්තාවට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ඉන්දියාවේ නීතියට අනුව නිවැරදි තීන්දුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් විනිසුරු වරයා විසින් ඇයට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව පමණක් නොව කාන්තාවක් සිය දික්කසාදයෙන් පසු බ්‍රහ්මචාරී දිවියක් ගත නොකරන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කිරීම ඉන්දීය ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
 
Related Posts with Thumbnails