Ads 468x60px

.

කැමති අය විවාහ වෙනවා වෙන් වෙනවා කියා අවසානයේ මේනක - නෙහාරා ලංකාව හැර යයි


පසුගිය කාලයේ ලංකාවේ කතාබහට ලක්වූ මේනක හා නෙහාරා ටෙලි නළු යුවළ ලංකාව හැර ඇමරිකාවේ පදිංචියට ඊයේ ගොස් තිඛෙනවා.
මේනක රාජපක්ෂ ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු ලබාගැනීමේ පදනමින් වීසා ලබා තිඛෙන අතර නෙහාරා ඔහුගේ බිරිය හැටියට ඇමරිකානු වීසා ලබාගෙන ඇත.


පසුගිය කාලයේ මේ දෙදෙනාගේම ප්‍රථම විවාහයේ ඇතිවූ බිඳ වැටීම් වලින් පසු ඔවුන් වෙන වෙනම දික්කසාදවී පසුව දෙදෙනා එක්ව විවාහ

ජීවිතයට එළැඹ තිබුණි. මේ කාලයේ ඔවුන්ට සමාජයෙන් හා මාධ්‍ය වලින් ඇතිවූ විවේචන නිසාදෝ ඔවුන් විවාහ වන අවස්ථාව පවා මාධ්‍යයට තහනම් කර තිබුණි.

මේනක රාජපක්ෂ ඊයේ හදිසියේ මාධ්‍ය අමතා කියා සිටියේ තමා වසර 4 ක කාලයක් සඳහා රට හැර යන බවත් ඉන් අනතුරුව ඇතැම් විට ඇමරිකාවේම පදිංචි වන්නට ඉඩ තිඛෙන බවත්ය.

තමා ෆයිනෑන්ස් ක්ෂේත්‍රයෙන් මාස්ටර්ස් උපාධියක්ද බිස්නස් ඇන්ඩ් මාර්කටින් ක්ෂේත්‍රයෙන් පීඑච්ඩී එකක්ද ඇමරිකාවේ අධ්‍යයනය කරන්නට යන බව ඔහු කියා ඇත.

නෙහාරා ඇමරිකාවේදි කරන්නට අදහස් කරන දෙයක් තවම සැලසුම් කර නැති අතර ඔවුන් දෙදෙනාම අනාගතයේ ඇමරිකානු පුරවැසිකම ලබාගන්නට වෙහෙස දරන බවද වාර්තා වුණා. ඔවුන් ඉදිරියට ටෙලි නාට්‍ය වලින් අතුරුදන් වනු ඇත.

ප්‍රථම විවාහයේ එක් දැරියක සිටියදී මේනක එම පවුල හැරයාම නිසා පසුගිය කාලයේ සමාජ විවේචන එල්ලවූ අවස්ථාවක මේනක කියා තිබුනේ.. ලංකාවෙ විතරයිනෙ මේ වගේ හිතන්නෙ.. බලන්න ඇමරිකාව වගේ රටවල් වල කැමති අය විවාහ වෙනවා වෙන් වෙනවා.. කවුරුත් මේව හොයන්නෙ නෑ යනුවෙනි.
 
Related Posts with Thumbnails