Ads 468x60px

.

සේයා සෙඳව්මි ඝාතන සැකකාර සිසුවා සහ තරුණයා 28 දක්වා රිමාන්ඩ් - ඉස්කෝලෙ සම්මුඛ පරීක්ෂණයට ගෙන එන්නැයි ලියුමකුත් ඇවිත්.


ආන්දෝලනාත්මක ලෙස ඝාතනයට ලක්වූ ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා
පොලිස් අත්අඩංගුවට පත්වූ එම නිවස ආසන්නයේම අසල්වැසි නිවසක උසස් පෙළ පන්තියේ පාසල් සිසුවා හා තවත් අයෙකු 19 සවස මිනුවන් ගොඩ උසාවියට ඉදිරිපත් කරනු ලදුව ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නට නියමවී තිඛෙනවා. 

ඝාතනය සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය වෙත පැවරීමෙන් අනතුරුව මෙම දෙදෙනා අල්ලා ගත් බව පොලිසිය පවසනවා.

දැරිය සිටි නිවසට නිතර යන එන කෙනෙකු බවට පැවසුණ මෙයින් එක් අයෙකුවූ 17 හැවිරිදි තරුණයා ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ වාණිජ විෂය හදාරණ සිසුවෙකි. අනෙක් පුද්ගලයා ඔහුගේ මිතුරෙකු බව කියන එම ප්‍රදේශයේම කැලූම් අත්තනායක නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

නොසන්ඩාලයන් ලෙස ප්‍රදේශයේ ප්‍රකටව සිටි මොවුන් කණ්ඩායම් වශයෙන් හැසිරෙමින් රාත්‍රී කාලයේ දුරාචාරයේ යෙදෙන බවට ප්‍රදේශ වාසීන් හෙළි කිරීමෙන් පසු මේ අය ගැන සැකය පොලිසියට ඇතිව තිඛෙන අතර මෙම දෙදෙනාම අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අය බවත් වාර්තා වුණා.

සිසුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබුණ බව කියන ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබුන අසභ්‍ය නිල් චිත්‍රපට විශාල ප්‍රමාණයක්ද පොලිසිය සොයාගෙන තිබුණා.

සිද්ධියවූ දින රාත්‍රී කාලයේ මෙම දෙදෙනා හොර රහසේ පැමිණ මෙම බාලඅපචාරය හා ඝාතනය සිදුකළාද යන්න ගැන පොලිසියට සැකකරන අතර එම දෙදෙනාව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කරද්දී සිද්ධියට මොවුන් සම්බන්ධ බවට කරුණු හෙළිව තිබීම නිසා වැඩිදුර විමර්ශනයට මොවුන් රඳවා ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍ය වි ඇත. 


සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා ඔවුන්ව 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කළා. සිද්ධිය සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. වාර්තා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු පොලිසිය සිදුකර ඇති අතර සැකකරුවන්ගේ රුධිරයද ඒ අනුව පරීක්ෂා කෙරෙනු ඇත.


සේයා ඉස්කෝලෙ සම්මුඛ පරීක්ෂණයට ගෙන එන්නැයි ලියුමක් ඇවිත්.

 
පසුගියදා රටම කම්පා කරමින් ඝාතනයට ලක්වූ ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරිය අවුරුදු 5 සම්පූර්ණ කරන්නට දින කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස මියගියා.

ඇයගේ පාසල් යන වයස එළැඹි නිසා ඇගේ දෙමාපියන් ඇය පාසලකට ඇතුළත් කිරීමට අයදුම් කර තිබුණ අතර මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන් ඇයට සම්මුඛ පරීක්ෂණයට කැඳවා එන්නැයි ලියුමක් තැපැල් කර එවා තිඛෙනවා.


ඇගේ අවසන් කටයුතු සිදුවීමෙන් අනතුරුව මෙම ලියමන තැපෑලෙන් පැමිණීම සංවේදී සිදුවීමකි. කෙසේ වෙතත් ඇයගේ මාපියන් කර තිබුණ ඉල්ලීමට නීති ප්‍රකාර ප්‍රතිචාර ලෙස එම ලිපිය එම පාසලෙන් එවා තිබීමේ වරදක් නොමැත. එම ලිපි උදෘතයක් ඉහත පරිදිය. 
 
Related Posts with Thumbnails