Ads 468x60px

.

තමන් සදෙව්මි ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කරයි...


රටම කම්පාකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු තෙවන සැකකරු, තමන් විසින් එම ඝාතනය සිදු කළ බවට රහස් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.

එනම් මෙම සැකකරු හා ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා පැමිණෙන බවත් ඔවුන් සේයාගේ මළ සිරුර හමු වූ

වෙල්යායේ නිතර සැරිසරන බවත් දන්වා තිබේ. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මොහු අතුරුදන්ව ඇති බව එම පුද්ගලයා පවසා තිබිණි.

ඔවුන් පිළිබඳව පොලිසිය මුලදී සැක කළද පසුව වෙනත් පුද්ගලයන් වෙත අවධානය යොමු වීම නිසා ඔවුන් පිළිබඳ එතරම් සැලකිලිමත් වී නොමැත.

මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා
දැරියගේ නිවස ආසන්නයේය.

අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙක් බවටද තොරතුරු වාර්තා වෙනවා. 


මොවුන් මීට පෙරද සිදු වූ අපරාධයන් කිහිපයකට සම්බන්ද වූවන් බවට තොරතුරු වාර්තා වෙනවා. මොවුන් දෙදෙනා හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය. 

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව කළ මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පසුව CID වෙත රැගෙනයාමෙන් අනතුරුව තමන් සදෙව්මි දැරියගේ ඝාතනය සිදුකළ බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගත් තැන හිරු වීඩියෝව



එහි තවත් පුවත් පහතින්.

මුළු රටම ආන්දෝලනයකට ලක්‌කළ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අපරාධකරුවන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ පුද්ගලයන් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම ,මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකපහළ කරයි.

සැකකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයකු කොටුවී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදීය. එම සැකකරුගේ සොහොයුරා වන අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීය.

මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.

අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙකි.

ගම්පහ ප්‍රදේශයේදී මියගිය 26 හැවිරිදි තරුණියකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

කුලීවැඩ කරමින් ජීවත් වී ඇති මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක්‌ පවා පරිහරණය නොකරන පුද්ගලයන්ය. සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස්‌ නිලධාරීහු මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු සෙවීමට පටන් ගත්හ.

මොවුන් දෙදෙනා හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සොහොයුරන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර මුලින්ම වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මොවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියද පසුව පොලිස්‌ භාරයට ගත් අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ හෙළිදරව් විය. ගම්පහදී වළදැමූ තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කළ ස්‌ථානය වෙත සැකකරු රැගෙන ගිය පොලිසිය එම ස්‌ථානයද පරීක්‍ෂා කර තිබිණි.

මේ අතර සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන බාල සොහොයුරාද ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

එහිදී සැකකරු කැලෑවක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ කැලෑව වැටලූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇතුළුවී සැකකරු අත්අඩංගුවට ගත්තේ ඊයේ දහවල් කාලයේදීය.

පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි. මෙම සැකකරුවන් දෙදෙනා සේයා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගනිමින් සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග පැවසීය.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් තිබිණි.
 
Related Posts with Thumbnails