Ads 468x60px

.

විලිරුදාව ඡායාරූප ගතකර සමාජ ජාලවලට දැමු වෛද්‍යවරියට වැඩ වරදියි..


විලිරුදාවෙන් සිටින ගැබිනියකගේ ශරීරයේ කොටසක් පෙනෙන ආකාර යෙන් සැත්කම අතරතුර ඡයාරූපයක් ගෙන සමාජ ජාලයට දැමූ වෛද්‍ය වරියක් මැලේසියාවේ දී සේවයෙන් පහ කර ඇති බව වාර්තා ‍වනවා.

සූතිකාගාරයේ සිට ගත් මෙම ඡයාරූපය එම වෛද්‍යවරිය විසින් සමාජ ජාල ගිණුමක් ඔස්සේ මුදාහැරීමෙන් පසු එම රෝගියාගේ පෞද්ගලිකත්ව

ට හානි සිදුවූ බව කියමින් මැලේසියානු මාධ්‍යද  ඊට එරෙහිවෙමින් පුවත් වාර්තා කර තිබෙනවා.

මෙම ඡායාරූපය සෙල්ෆි ඡයාරූපයක් නොවන අතර එම ඡයාරූපය ගත් තැනැත්තා කවුදැයි මෙතෙක් සොයාගෙන නැහැ. මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්  වෛද්‍යවරිය සේවයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ .

කෙසේ නමුත් සූතිකාගාරයක් තුළ සිදුනොවිය යුත්තක් ලෙස මෙය සැළකෙන බැවින් අදාළ වෛද්‍යවරියට එරෙහිව පියවර ගෙන තිබෙනවා.

එම ඡායාරූපය පහතින්.



 
Related Posts with Thumbnails