Ads 468x60px

.

ටවුන්හෝල් පාර බ්ලොක් කරගෙන උද්ඝෝෂණය කරපු HNDA සිසුන්ට පොලිසියෙන් ගහපු වීඩියෝ


අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ
ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පාගමනින් පැමිණි විරෝධතාකරුවන් හේතුවෙන් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට වෝඞ් පෙදෙසේ වාහන ගමනාගමනයද අඩාල වුණා.

විරෝධතාවයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටින්නේ තම පාඨමාලාවට වාණිජවේදී උපාධි පාඨමාලාවට සමාන පිළිගැනීමක් ලබාදෙන ලෙසයි.

එහි හිරු වීඩියෝ පහතින්.....




කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූ.ජී.සී.) ඉදිරිපිට ඊයේ (29 වැනිදා) සවස 3.30 ට පමණ පැවැති අන්තර් උසස්‌ තාක්‍ෂණික ගණකාධිකරණ ඩිප්ලෝමා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ හටගත්තේය. එහිදී සිසුහු දස දෙනෙක්‌ හා පොලිස්‌ නිලධාරියෙක්‌ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් විශාල පිරිසක්‌ පලාගොස්‌ තිබේ.

එසේම එම ස්‌ථානයේ පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරුණු භික්‍ෂුන් වහන්සේ දෙනමක්‌, සරසවි සිසුවියන් පස්‌ දෙනකු ඇතුළු 39 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඇතැම් සිසුන් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර පලාගිය බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක්‌ පැවැසීය. මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් කොළඹ පුරහල දෙස සිට වෝඩ් පෙදෙසේ බොරැල්ල දක්‌වා දැඩි වාහන තදබදයක්‌ හටගෙන තිබිණි.

මේ නිසා වාහනවල ගමන්ගත් පිරිස්‌ බොහෝ වේලාවක්‌ සිය වාහන නවතාගෙන සිටීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවට මුහුණ පෑහ. පොලිසිය එල්ල කළ කඳුළු ගෑස්‌ ප්‍රහාර හේතුවෙන් මහමග ගමන්ගත් පිරිස්‌ ද දැඩි අපහසුතාවට මුහුණ පා ඇතැයි වාර්තා විය.

විරෝධතාවයේ යෙදුණු සිසුන් කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියක්‌ සකසා වාර්ෂිකව උපාධිධාරියාට රැකියා ලබා දීමට පියවර ගන්නා ලෙස රජයට බලකරන බවයි. මේ වන විට උපාධිධාරී 25,000 කට අධික පිරිසක්‌ රැකියා විරහිතව සිටින බව ද එම ශිෂ්‍යයෝ මෙහිදී සඳහන් කළහ.


 
 
 
 
 
 
 
 
Related Posts with Thumbnails