Ads 468x60px

.

"අතුලගෙ වයිෆ් මම මිසක් සමිතා නෙවෙයි" අමායා


"කොහොමත් අතුලට ලේසියෙන් වගකීමෙන් මිදෙන්න බෑ. මොකද මට එයාට දාව අවුරුදු තුනක ගෑනු දරුවෙක් ඉන්නවා. හැබැයි අතුල සාමාන්‍ය යෙන් වගකීම් ගන්න කෙනෙක් නෙවෙයි. 

සමිතා ගැන බැලුවත් සමිතා තමයි ඒ දරුවෝ දෙන්නාගේ වගකීම් අරන් තියෙන්නේ අතුල නෙවෙයිනේ. මම තනි වුණොත්, මටත් ජීවිතේ
තීරණයක් ගන්න සිද්ධ වෙනවා. එදාට මම හිතලා බලලා හොඳ තීරණයක් ගන්නවා." මෙහෙම කියන්නේ අතුල අධිකාරිගේ බිරිඳ අමායා අධිකාරී.

පසුගිය සතියේ සිට අතුල තමන්ව හැර ගිය බව කියන අමායා දැන් මෙහෙමත් කියන්න පටන් අරන්.

"එහෙම වුණොත් මමත් ජීවිතේම අඬ අඬා සුදු ඇඳගෙන, ජීවත්වෙන ගෑනියෙක් නෙවෙයි කියන්න. කොහොමත් අතුල කියන්නෙ හොඳ තාත්තා කෙනෙක් නම් නෙවෙයි. මොකද එයා තාත්තා කෙනෙක්ගෙන් වෙන්න ඕනෑ යුතුකම් දරුවට ඉටු කරන්නෙ නෑ."

සමිතා එරන්දතී සම්බන්ධයෙනුත් අමායා මේ වන විට විවේචන ඉදිරිපත් කරන්න පටන් අරන්.

"වැරැද්දක් නැත්නම් අතුල සමිතාව දාලා එන්නෙ නෑනේ. ඩිවෝස් වෙන්නෙ නෑනේ. අතුල මටත් කවදාවත් මුකුත් නොකියාවි. ඒ එයාගෙ හැටි. සමිතා මගේ දුවට ආදරෙයි. 'කුක්කු අම්මි' කියන්නේ. මමත් සමිතා එක්ක තරහක් නෑ. ඒත් මූණට එක විදියකටයි, නැති තැන තව විදියකටයි හැසිරෙන විදියට මම කැමැති නෑ."


පසුගිය කාලේ ගීත ගායනයේ දී අතුල, සමිතා ළංවීම සම්බන්ධයෙන් අමායා දරන්නේ මෙවැනි අදහසක්.

"අතුල, සමිතා වෙන්වුණාට රසිකයො කැමැති ඒ දෙන්නා එකට සින්දු කියනවාට. ඒ දෙන්නාගේ හඬ හොඳට ගැළපෙනවා. අතුල, සමිතා මිසක් අතුල අමායා සින්දු කියන්නෙ නෑනේ. 


ඒත් දැන් අතුලගෙ වයිෆ් මම මිසක් සමිතා නෙවෙයි. මගේ තැන මට මිසක් වෙන කාටවත් හිමි වෙන්න ඕනෑ නෑ... අතුල වුණත් එකට වැඩසටහන්වලටයි, ඒවටයි, මේවටයි ගිහිල්ලා මිනිස්සුන්ට හිනා නොවෙන්න ඉඩ තියනවා නම් හොඳයි."
 
Related Posts with Thumbnails