Ads 468x60px

.

පූටින්ගේ දියණියන් දෙදෙනා ගැන ඔබ නොදත් දේ


පුටින් රුසියාවේ සිවු වැනි හා වර්තමාන ජනාධිපතිවරයා වේ. මේ වන විට 63 හැවිරිදි වියේ පසුවන ඔහු දේශපාලනයට පිවිසෙන්නට පෙර සෝවියට් දේශයේ ඔත්තු සේවාව වූ කේ.ජී.බී. හි ඔත්තු කරුවකු ලෙස
කටයුතු කර තිබේ.

ඔහු වයස අවුරුදු 31 දී කේ.ජී.බී. ඔත්තුකරුවකු ලෙස සේවය කරන අතරතුර ‍1983 ජූලි 28 දා යුග දිවියට එළඹ තිබුනේ ලියුද්මිල ෂ්ක්‍රෙබිනෙපා සමඟිනි. ඇය පුටින්ට වඩා වසර හයකින් බාල වූ අතර පුටින්ට දාව ලියුද්මිලා දියණියන් දෙදෙනකු බිහි කළා ය. වැඩිමල් දියණිය මාරියා 1985 දී උපත ලද අතර දෙවැනි දියණිය යෙකැතරිනා හෙවත් තට්ජා 1986 දී උපන්නේ නැ‍ඟෙනහිර ජර්මනියේය.

පුටින්ගේ දියණියන් බොහෝ කල් යනතුරුම ජීවත් වුයේ රහසිගතවය. පූටින්ගේ වැඩිමහලු දියණිය වන මාරියා මේවනවිට තිස් වන වියේ පසුවේ. මාරියා සෙන්ට් පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා තිබේ. ඇයගේ සැමියා රුසියාවේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක විධායක නිලධාරිවරයෙකි.

පුටින්ගේ බාල දියණිය මේවනවිට 29 වියේ පසුවන අන්තර ඇය තවමත් යුග දිවියට පත්ව ඇත්දැයි යන්න වාර්තා වී නොමැත. ඇය දකුණු කොරියාවේ අද්මිරාල් වරයාගේ පුතු සමග විවාහ වීමට යන බව ආරංචි පතිරගියත් පසුව ඒවා කටකතා පමණක් බව හෙළිවිය. 


පුටින්ගේ දියණියන් දෙදෙනා මේවනවිටත් ජිවත් වන්නේ කොහිද? ඔවුන් රැකියාවක නිරත වන්නේ දැයි යන්න ලොවට රහසක් ය. රුසියානු රහස් ඔත්තු සේවා මගින් ඔවුන්ගේ ජිවිත රහසේ ගෙන යාමට සහය දක්වන බව රුසියානු මාධ්‍ය වාර්තා කොට තිබේ. 

ajrWjn1_700b_v2 N1-14061202-01 President-Vladimir-Putin-and-his-wife-Lyudmila putina2
 
Related Posts with Thumbnails