Ads 468x60px

.

වාහන ලියාපදිංචි ගාස්තුව කිසිසේත් වැඩිවන්නේ නෑ... මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්..


වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු කිසිසේත් වැඩිකර නැතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කිරීමට මෙවර අයවැයෙන්

යෝජනා කර ඇතැයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බවයි.

කෙසේවෙතත් මෙමගින් සිදුකර ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේදී ගෙවිය යුතු ගාස්තු වැඩි කිරීමක් නොව වාහන ආනයනයේදී මෙතෙක් පැවති ගාස්තු ගණන සංශෝධනය කිරීමක් බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.

අදාළ ගාස්තුව වාහන ආනයනය කරන ආයතන විසින් දැරිය යුතු බවද පාරිභෝගිකයන් මත බර පැටවීමක් සිදුනොවන බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.
 
Related Posts with Thumbnails