Ads 468x60px

.

අපේ සිංදු බලලා උබලා ඩේටා නාස්ති කර ගන්න එපා - බුකිය උණුසුම් කළ ගායකයාගෙන් ප්‍රතිචාර


පසුගිය දින කිහිපයේ ෆේස්බුක් උණුසුම් කළ ගීතය ඹබට මතකද?.  "හීන හා තනිවෙලා" එම ගීතය වූ අතර  "කඩුව"  ඔහුන්ගේ තවත් උණුසුම් ප්‍රතිචාර ලැබූ ගීතයක් වුණා.

මෙම ගීතයන්ට දිගින් දිගටම ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ එල්ල වූ විවිධ හොඳ නරක ප්‍රතිචාර නිසා ඊට පිළිතුරු දෙන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ කතාව පහතින් දැක්වේ.

" අපි ජනප්‍රිය වෙන්න වුවමනාවෙන් නෙවෙයි මේ සින්දුව හැදුවෙ..අපේ
යාලුවන්ට බලන්න යූටියුබ් දාන්න විතරයි..

 
 මේක යූටියුබ් එකෙන් හොරෙන් අරගෙන අප්ලෝඩි කරල තියනවා.. මේක මුලින්ම කරපු කෙනාව ලගදිම හොයා ගන්න ලැබෙයි.. අපි සංගිතය ඉගෙන නොගෙන මේ කරපු දේ අපිට වටිනවා.. අපේ සින්දු බලන්න කියල අපි කාටවත් කිව්වෙ නෑ.. ඒක ජනප්‍රිය කරන්න කියල කිසිම ආයතනයකට දුන්නෙත් නෑ..

එයාල හොරෙන් අරන් මෙක දාගත්තට අපිට අපහස කරල වැඩක් නෑ.. මේක එයාල අපිව පාගලා එයාලගෙ ෆේස් බුක් පිටු ප්‍රොමෝට් කරගන්න කරපු වැඩක්.. මේ සින්දුව බලල උඹලගෙ ඩේටා නාස්ති කර ගන්න එපා.. මේකෙන් ලොකු ආයතන සල්ලි හම්බ කර ගන්න එක විතරයි කරන්නෙ.."

 
Related Posts with Thumbnails