Ads 468x60px

.

කොළඹ ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක්‍ර‍මයක්...


කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන අයටනම් උදේ හවස ගමනක් යන්න පාරට බහින එක පුදුම වදයක්. මොකද පාරවල් වල ඒ තරමට වාහන තදබදය.

ඒ වාහන තදබදයට විසඳුමක් නොවුනත් වාහන තදබදය වැඩි මාර්ග මොනවද කියල ඔබේ අතේ තියෙන ජංගම දුරකතනයෙන් වගේම

අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම උපාංගයකින්  දැන ගැනීමේ අවස්ථාව දැන් ඔබට තියෙනව. මේ අවස්ථාව ලබාදී තිබෙන්නේ google map සේවාව මගින්.

මෙන්න මේ විදියට තමයි පාරේ වාහන තදබදය ඔබට පෙන්වන්නෙ. කොළ පාටින් වාහන තදබදය අඩු බවත් තද රතුපාටින් වාහන තදබදය වැඩිම ස්ථානත් පෙන්වනව. කහ සහ රතු වර්ණවලින් වාහන තදබදයේ අනෙක් අවස්ථා පෙන්නුම් කරනව. google map වෙත පිවිස traffic තෝරා ගැනීමෙන් ඔබටත් මේ පහසුකම භුක්ති විඳින්න පුළුවන්.



 
Related Posts with Thumbnails