Ads 468x60px

.

කොස්ගම අවිගබඩාවේ ඇතිවූ ගින්න - මියගිය එක්කෙනෙකු හා තුවාල ලද තිදෙනෙකු රෝහලට.


ඊයේ සන්ධ්‍යා කාලයේ කොස්ගම අවිගබඩාවේ ඇතිවූ ගින්නෙහි සැර මේ වනවිට අඩුවී තිඛෙන බවත් පිපිරුම් හඩවල් ඇසෙන්නේ අතරින් පතර බවත් වාර්තා වුණා.

මේ අතර පිපිරීමෙන් මියගිය එක් අයෙකුගේ සිරුරක් හෝමාගම රෝහල වෙත මින් ටික වේලාවකට පෙර ගෙනවිත් තිබේ.එම තැනැත්තා හමුදා

සෙබළෙකු බව වෛද්‍ය පාලිත මහීපාල තහවුරු කළා. සිද්ධියෙන් තුවාල ලැබූ රෝගීන්  3 දෙනෙකුද මින් ටික වේලාවකට ප්‍රථම

අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන විත් තිඛෙන අතර එක් අයෙකුගේ හිසට ලෝහමය දෙයකින් පහරක් වැදී ඇති නිසා හිසෙහි බරපතල

තුවාල ලබා ඇත. ඔහුට වැඩිදුර ප්‍රතිකාර ලබාදෙන්නට අවශ්‍ය බව වෛද්‍යවරුන් දන්වා සිටි නමුත් කොළඹ ප්‍රදේශයට යන්නට බැරි ලෙස වාහන ගමනාගමනය නතර කර තිඛෙන නිසා මහනුවර රෝහල වෙත මාරු කර හැරිය බව රෝහල් ආරංචි හෙළි කළා.


මේ අතර හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා පස්වරු 9.30 ට පමණ ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියෙන් පසු අවදානමක් නැති බව තහවුරුව ඇති ප්‍රදේශයට නැවත නිවාස වෙත යාමට  ප්‍රදේශවාසීන්ට හැකි බවත් ඒ සඳහා අවසරය ලබාදීමට තවත් පැය 2 ක පමණ කාලයක් (රාත්‍රී 11.30 ට පමණ) හැකි බවත්ය.


කෙසේ වෙතත් ආරක්ෂක පියවරක් ලෙස මේ වනවිට එම ප්‍රදේශය පුරා විදුලි බලය විසන්ධි කරන්නට ලාංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත. පිපිරීම නිසා ප්‍රදේශ වාසීන් විශාල වශයෙන් ඉවත්වන්නට සිදුව ඇත්තේ රාත්‍රී කාලයේ අඳුරද මාධ්‍යයේය.


මේ වනවිට අවිස්සාවේල්ල හා අවට ආරක්ෂිත කලාපයක් කර ඇති අතර හෙට දිනයේ පාසල් හා රජයේ ආයතනද නිවාඩු ලබාදී ඇත. ජනතාව ඉවත් කරන්නට හේතුව ආර්පීජී මල්ටි බැරල් පිපිරීමේ අවදානමයි.


-------------------------------------------- 

ප.ව. 9.00
 
අවිගබඩාවක් පිපිරී යාම නිසා කොස්ගම සාලාව ප්‍රදේශයේ මේ වනවිට ඇතිව තිඛෙන උණුසුම් තත්වය මත ප්‍රදේශ වාසීන් ඉවත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.


මෙම ගින්නට මුල්වූ ආරම්භක පිපිරීමට අමතරව වරින්වර තවත් පිපිරීම් හඩවල් ඇසෙන්නට වීමත් ඒ පිපිරීම් ගබඩාවේ ආයුධ වරින්වර පිපීරීයාම නිසා සිදුවන්නක් වීමත් නිසා එම කලාපයම අවදානමකට ලක්ව ඇත. 


ඇතැම් පිපිරුම් කැබලි ඉතා ඉහළට විහිදෙන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ. වාර්තාවන ආකාරයට මෙම ගබඩාව තුළ ආර්.පී.ජී, මල්ටි බැරල් වැනි විශාල පිපිරීම් ඇතිකරන්නට සමත් පුපුරුණ ද්‍රව්‍ය ගබඩාවී පවතී. 

ඒවා පිපිරීම මගින් අනපේක්ෂිත හානියක් ඇතිවීම වළක්වන්නට මේ ආකාරයට ජනතාව ඉවත් කිරීමේ පියවරකට ආරක්ෂක අංශ ගොස් ඇත.


මේ සිද්ධිය සිදුවූ සැණින් කොස්ගම,පූගොඩ,කළුඅග්ගල හා හංවැල්ලේ කොටසක ප්‍රදේශ වාසීන්ට නිවෙස් අතැර යන ලෙස උපදෙස් දී ඇත්තේ මේ නිසාය. කෙසේ වෙතත් හදිසියට දැනුම්දීම නිසා බොහෝ අය හැඳිවතින් පාර දිගේ දිව යන්නට සිදුව ඇති අතර බස්රථ වාහන ගමනාගමනයද අවහිරව ඇති නිසා පයින්ම යන්නට සිදුව ඇත.ඇතැම් අය ඔරු පාරු ඔස්සේද පළා යන අයුරු වාර්තා විය.


--------------------------------------------

කොස්ගම අවි ගබඩාවේ පිපිරීමකින් මහා ගින්නක් ප්‍රදේශ වාසීන් ඉවත් කෙරේ

ප.ව. 8.00


කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරු අවි ගබඩාවේ අද සවස 5.45 ට පමණ විශාල පිපිරීමක් සමග හදිසි ගින්නක් හට ගෙන ඇති අතර මේ හේතුවෙන් ඒ අවට කිලෝමීටර 6-7 අතර වාසය කරන ප්‍රදේශවාසීන්ට ඉවත්වන්නැයි දැනුම්දීම් කර ඇත. 


කඳවුර පිහිටි ප්‍රදේශයන් විශාල දුම් වළාවන් ඉහළ අහසට නගින අයුරු දැකගන්නට ලැඛෙන බවත් ඇතැමුන් නිවෙස් හැරදමා පයින්ම කිලෝමීටර ගණන් ඇවිදිමින් පළායන බවත් වාර්තා වුණා.

හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා යුද, ගුවන්, නාවික විශේෂ බලඇ‚ අදාළ ස්ථානයට කඩිනමින් පිටත් කර යවා ඇති බවයි. අවට ප්‍රදේශය නැරඹීමට පැමිනීමෙන් වළකින්නැයිද හමුදා ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.


මෙම ගින්න නිසා හයිලෙවල් මාර්ගයේ කළුඅග්ගලත් අවිස්සාවේල්ලත් අතර මාර්ගය සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා ඇත.
මෙම පිපිරීමට හේතුව තවම අනාවරණය නොවේ.
 
Related Posts with Thumbnails