Ads 468x60px

.

බස්රථ වල පිටුපස වීදුරු ආවරණය කිරීම තහනම් කරයි

මේ මස 20 වැනිදාට පසු බස්රථවල පිටුපස වීදුරුව ආවරණය කිරීම තහනම් වන බව පොලිසිය ප‍්‍රකාශ කරනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේ බොහෝ බස්රථවල පිටුපස වීදුරුව රියදුරන්ට දර්ශනය නොවන අයුරින් චිත‍්‍ර, සැරසිලි හෝ තිර රෙදි යොදා ඇති බවයි.

බස් රථයේ පිටුපස වීදුරුවේ ප‍්‍රදර්ශනය කළ හැක්කේ මාර්ග අංකය පමණයි. මේ මස 20 වැනිදායින් පසු කොළඹ නගර සීමාවට ඇතුල්වන පිටුපස වීදුරුව ආවරණය කළ සියළු බස් රථවලට එරෙහිව නීති මගින් කටයුතු කිරීමටද පොලිසිය සූදානම් වෙනවා.
එය රිය අනතුරු බහුලවීමට හේතුවක් වෙනවා. එම නිසා බස් රථවල පිටුපස වීදුරුව ආවරණය වන පරිදි සවිකර ඇති දෑ ඉවත් කරන ලෙස පොලිසිය සියළු බස් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළුවන සියළු බස් රථ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පොලිස් මූලස්ථානය සූදානම් වෙනවා.
 
Related Posts with Thumbnails