Ads 468x60px

.

ලංකාවත් සමලිංගික පාරාදීසයක් ?

ශී‍්‍ර ලංකාව තුළ සමලිංගික සම්බන්ධතාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

සමලිංගිකයන් ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ප‍්‍රවණතාවය ඉහළයාම හා සමලිංගික කි‍්‍රයා සඳහා ආරාධනා කරන ෆේස්බුක් ගිණුම් නිර්මාණය ශීඝ‍්‍ර ලෙස ඉහළයාම මේ සඳහා නිදසුනක් බව පැවසේ.

‘කලම්බු පැරඩයිස් 2011’ ලෙස නම් කළ සමලිංගිකයන්ගේ අයිතිය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන උත්සවයද පසුගිය කාලයේදී පැවැත්වීමඑය තහවුරු කරන්නක් බව සමාජ විද්‍යාඥයෝ පවසති.
සමලිංගික සබඳතා ශී‍්‍ර ලංකාව තුළ නීතියෙන් තහනම් කර තිබියදී මෙවැනි උත්සව සංවිධානය වන්නේ එහෙයින් බවද ඔවුන් කියති.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වෙවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාම මහතා පැවසුවේ, සමලිංගිකයන් සංගම් පිහිටුවාගෙන තිබුණද ඒවා ලියාපදිංචි කිරීමට හැකියාවක් නොවන බවයි.

එසේවුවද සමලිංගිකයන්ට වුවද සමාජ සුබසාධක කි‍්‍රයාවලට සහභාගි විය හැකි බවත්, පොලිසියට අත්අඩංගුවට ගත හැකි වන්නේ ලිංගික කි‍්‍රයාවක් සිදුවනවා නම් පමණක් බවද මහානාම මහතා පෙන්වා දුන්නේය.

සමලිංගික සබඳතා වරදට හසුවන අයෙකුට වසර 10 දක්වා සිරදඩුවම් ලබාදිය හැකි බවත් වයස අවුරුදු 16ට අඩු අයෙකු සමග සමලිංගික සේවනයේ යෙදුනහොත් එය වසර 20 ක් දක්වා වැඩිවන බවද ප‍්‍රතිභා මහානාම මහතා කීය.

ලොව ඇතැම් රටවල මෙන්ම ශී‍්‍ර ලංකාව තුළද ඉදිරියේදී සමලිංගික සම්බන්ධතා සාමාන්‍යකරණය විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය පේ‍්‍රමකුමාරසිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

මෙය සදාචාරාත්මක නොවූවද සමාජ පරිණාමයේ එක් කොටසක් බවත්, න්‍යෂ්ඨික පවුල වෙනසකට භාවිතයේ ප‍්‍රතිඵලයක් ලෙස සමලිංගිකත්වය ගොඩනැගී ඇතැයිද මහාචාර්යවරයා පැවසීය.
 
Related Posts with Thumbnails