Ads 468x60px

.

හදිසියේ ගැබ් ගැනීමේ හේතුවෙන් බොඳ මීදුම් නාට්‍යයට හදිසියේ තිත.

ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මව් පදවිය ලැබීමට සිටින බව සැල වීමත් සමග ඇය ප‍්‍රධාන නිළිය ලෙස රඟපාන බොඳ මීදුම් ටෙලි නාට්‍යයට හදිසියේ තිත තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
සුජීව ප‍්‍රසන්නආරච්චි ගේ බොඳ මීදුම් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිත වන සංසලා ගේ හා ධනුක ගේ චරිත සඳහා පණපොවනු ලබන්නේ උදාරි හා ජනපි‍්‍රය නළු සාරාංග දිසාසේකර විසිනි.

දෙපා පණ නැති සංසලා බලාගැනීමට ධනුක තීරණය කිරීම සමග මෙම ටෙලිනාට්‍යය අවසන් කිරීමට කලින් තීරණය කර තිබුනද, උදාරි හදිසියේ ගැබ් ගැනීමේ සිද්ධිය හේතුවෙන් සංසලා ට පිස්සු හැදීමෙන් මෙම ටෙලි නාට්‍යය අවසන් කිරීමට මේ වන විට තීරණය කර ඇත.

මීට අමතරව බුද්ධදාස විතානආරච්චි, ජනක් පේ‍්‍රමලාල්, ආනන්ද වික‍්‍රමගේ, මීනා කුමාරි, ගිහාන් ප‍්‍රනාන්දු, ගයාන් වික‍්‍රමතිලක, චන්දික නානායක්කාර, ගයනා සුදර්ශනී, මාධනී මල්වත්ත ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් රැසක් මෙම චිත‍්‍රපටියට රංගන දායකත්වය ලබා දී ඇත.බොඳ මීදුම් ටෙලිනාට්‍යය චන්දික විජේසේනගේ අධ්‍යක්ෂණයකි.
 
Related Posts with Thumbnails