Ads 468x60px

.

මර්වින්ගේ ගෝලයෝ තොන්ඩට බැණ බැණ තොන්ඩගෙන් කාලා

පසුගියදා කතරගම වැඳපුදා ගෙන එන අතරවාරයේ තොන්ඩමන් අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයාට හා ඔහුගේ නඩයත් තොන්ඩමන් ඇමතිවරයා සංග‍්‍රහ බුක්ති විඳිමින් ඔහුට අපහාසාත්මක ලෙස සිංහලෙන් බැණ වැදී ඇතැයි වාර්තා වේ.
මර්වින් අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ජාවාරම් කාරයෙකු වන අමල් රොද්‍රිගෝ නැමැත්තා සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර යන අය මර්වින් ඇමතිවරයා සමග එක් වී මෙසේ බැණ වැඳුණු පුද්ගලයන්ය.

ඇමතිවරයා ඇතුළු පිරිස තොන්ඩමන් ඇමතිවරයාගෙන් ලැබුණු මධුවිත යහමින් පානය කරමින් සිටි අවස්ථාවේදී ඇමතිවරයාට රටින් පැන ගොස් සිටින පුද්ගලයෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇත.එකී පුද්ගලයාගේ කටහඬ සැමට ඇසෙන ලෙස ඇමතිවරයා එම අවස්ථාවේ තමාගේ දුරකතනයේ ස්පීකර් ෆෝන් යොදා ඇත.

ඔහු සමග පාතාලයේ තොරතුරු දීර්ඝ වශයෙන් කතා කර ඇති ඇමතිවරයා තොන්ඩමන් ඇමතිවරයා තමා ළඟ සිටින බව කියමින් ඔහුට දුරකතනය දීමට සුදානම් වූ අවස්ථාවේදී,‘‘ඇමතිතුමා ඔයා සිංහයෙක් නම් සිංහයෙක් වගේ ඉන්න.සක්කිලියොත් එක්ක මගේ කතාවක් නැහැ’’යැයි පවසා ඔහු දුරකතනය විසන්ධි කර ඇත.ශබ්ද නගා ඇසුණු එම ප‍්‍රකාශයෙන් අවට සිටි සියලූ දෙනාම තිගැස්සී ඇති අතර,දුරකතනයෙන් කතා කළ පුද්ගලයා පැවසූ දෙය තොන්ඩමන් ඇමතිවරයාට නොඇසී ඇති බැවින් ගැටුමකින් තොරව ඔවුන් එම ස්ථානයෙන් පිටත් වී තිබේ.
 
Related Posts with Thumbnails