Ads 468x60px

.

වීසා ගන්න පැමිණි කාන්තාව පාළු නිවසකට රැගෙන‍ ගොස් සිව්දෙනකුගෙන් වරින් වර බලහත්කාරකම්

විදේශ රැකියාවකට යාම සඳහා වීසා ලබා ගැනීමට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි කාන්තාවක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතවරයට ලක් කර තිබේ.
39 හැවිරිදි එම කාන්තාව රත්නපුර , කැටැන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පිළියන්දල පොලිසිය කියා සිටියි.

අදාළ කාන්තාව සැකකරුවන් සිව් දෙනෙකු විසින් පාළු නිවසකට රැගෙන‍ ගොස් වරින් වර අතවරයට ලක් කර තිබේ.

ඇය මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල , ජාලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර කතරගම , ගාමිණිපුර ප්‍රදේශයේ දී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යානූකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත තරුණයෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails