Ads 468x60px

.

මීගමුව රෝහලේ දී වැඩපරීක්ෂකවරියකට අතවරයක් ?

මීගමුව රෝහලේ දැනට සනීපාරක්ෂක සේවා කටයුතු සලසන ඔමේගා ආයතනයේ  ( කලින් නම – විල් ෂයින් ) වැඩ පරීක්ෂිකාවකට ලිංගික අතවරයක් සිදු කිරිමට තැත් කිරිමේ සිදුවීමක් පිලිබදව වාර්තා වේ.
පසුගිය අගෝස්තු 24 වැනි දින මධ්‍යම රාති‍්‍රයේ
මීගමුව රෝහලේ දී , රාතී‍්‍ර සේවා මුරය අතුර තුර සනීපාරක්ෂක සේවිකාවන්ට විවේක ගැනීමට වෙන් කර ඇති කාමරයට විවේක ගැනීමට ගිය අවස්ථිාවේදී මෙම සිද්ධියට ඇය මුහුණ පා තිබේ.

ඒ අවස්ථාවේ එම කාමරයේ විදුලි පහන් කි‍්‍රයාත්මක කර නොතිබුණ අතර එම කාමරයේ ඇති ඇදක් මත විවේක ගැනීමට සුදානම් වූ විට යම් පුද්ගලයෙකු ඔහුගේ දෙඅතින් ඇයව වැරෙන් වෙලා ගෙන තිබේ. එහිදී ඇය කෑගසා ඇති අතර එවිට එම පුද්ගලයාගේ ග‍්‍රහනය තවත් දැඩි වී තිබේ. කාමරයේ විදුලි පහන් නිවා දැමීම නිසා පුද්ගලයා හරි හැටි හදුනා ගැනීමට ඒ අවස්ථාවේදී ඇයට නොහැකි වී ඇත. ඉන් පසු මේ පුද්ගලයා ඇය හැද සිටි ඇදුම් ගලවා දැමීමට උත්සාහ කර  තිබේ.

පසුව ඇය විසින් ඔහුට බැගෑපත් ලෙස පවසා ඇත්තේ තමා මේ වන විට අසනීප තත්වයෙන් පසුවන නිසා තමන්ට කරදරයක් නොකරන ලෙසයි. එහෙත් එයට අවනත නොවු මේ පුද්ගලයා ඇයගේ ඇදුම් ගලවා දැමීමටත් ඇයගේ මුහුණ සිප ගැනීමටත්  උත්සහ දරා ඇති බව වාර්තා වේ. ඒ අවස්ථාවේදී බිමට වැටුනු ජංගම දුරකතනයේ විහිදුනු විදුලි ආලෝකයෙන් මේ පුද්ගලයාගේ මුහුණ හරි හැටි හදුනාගත් මේ වැඩ පරීක්ෂිකාව උස් හඩින් කෑගසා තිබේ. එවිට මේ පුද්ගලයා ඇයව අතහැර ඔහු පැළද සිටි පාවහන් යුගල වෙනුවට මේ වැඩ පරීක්ෂිකාවගේ පාවහන් පැළද එම කාමරයෙන් ඉවතට ගොස් ඇත. පසුව ඇය විසින් තමන් මුහුණ පෑ සිදු වීම රෝහල් පොලිසියට පැමිණිලි කර රෝහලේ වෙවද්‍යවරු හමුවට ගොස් වෛද්‍ය ප‍්‍රතිකාරද ලබා ගෙන ඇත.

මෙම සිද්ධියට මුහුණ පෑ වැඩ පරීක්ෂිකාව වයස අවුරුදු 30 ක තරම් වන එක් දරු  මවකි. මේ සිදුවිමෙන් පසුව  එම පුද්ගලයා රෝහල තුළ සිටිනවා ඇය විසින් හදුනා ගෙන තිබේ. වයස අවුරුදු 37 ත් 40 ත් අතර වන මේ පුද්ගලයා    රෝහලේ සුඵ සේවකයෙකු ලෙස සේවය කරන බවත් ඔහු පසුගිය කාලයේ රෝහල් ගබඩාවේ සේවය කර ඇති අතර පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇත. මෙම සිද්ධිය  මේ පිලිබදව මීගමුව පොලිසිය මගින්  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මීගමුව ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලයට අනුබද්ධ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින්ද පරීක්ෂණයක් පවත්වන බවද වාර්තා වේ.

මීගමු රෝහලේ වෘත්තීය සමිති නියෝජනය කරන සමහර පුද්ගලයින් මෙම සිදු වීම රෝහලින් පිටතට යාම වලක්වා එයින් රෝහලට විශාල කැලලක් වන බව පවසමින් මෙය සමථයකට පත් කර ගැනීමට  දෙපාර්ශවයේ එකගත්වය ලබා ගැනීමේ උත්සහයක යෙදෙන බවද  රෝහල් ආරංචි මගින්වාර්තා වේ. මෙවැනි සිදුවීමක් සම්බන්ධව කෙරෙන පරීක්ෂණය යට ගැසීම හේතු වෙන් තවත් මෙවැනි අපචාර වලට අනුබලයක් ලබා දෙන බවට රෝහලේ බහුතර සේවක පිරිසගේ අදහසයි. එලෙසම මෙවැනි ලිංගික අපචාර වලට යොමු වන පුද්ගලයින් සම්බන්ධව නිසි විමර්ෂන පවත්වා ඔවුන්ට දඩුවම් පැමිණිය යුතුයි.

එසේ නොවුන හොත් මීට කලකට පෙර රෝහලේ උඩුමහලින් බිමට දමා ඝාතනය කළ චමිලා නැමැති ඇගලුම් සේවිකාවට අත් වූ ඉරණමම තවත් කාන්තාවන්ට මීගමුව රෝහල තුලදීම සිදු වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ප‍්‍රතිකාර පතා පැමිනණන කාන්තාවන්ටත්, රෝහලේ සේවය කිරීමට පැමිණෙන කාන්තාවන්ටත් අපචාර හා අතවර වලින් තොර රෝහල් පරිසරයක් නිර්මාණය කිරීම රෝහල් පරිපාලන බලධාරීන්ගේ වගකීමකි.
 
Related Posts with Thumbnails