Ads 468x60px

.

විදුලි බලමණ්ඩල දසසිල් චම්පිකට සැතපෙන්න 80000ක ඇදක් - රංජන් ජයලාල්

විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවකට කතරගම සිදුකළ සංචාරයකදී ඔහුට නිදා ගැනීම සඳහා සුවපහසු ඇදක් රුපියල් 80000ක වියදම් කර කතරගමට ගෙන්වා ගෙන ඇති බව විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් අද හෙළිදරව් කළේය.

ඔහු මේ බව හෙළදරව් කළේ විදුලි බල මණ්ඩල සේවකයින් ලබන සැප්තැම්බර් මස 07 වැනිදා ගැනීමට නියමිත වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කැදවන ලද මධ්‍යයට සාකච්ඡාවේදීය.
පොරොන්දුවූ වැටුප් වැඩිවීම සහ මාස 10ක හිඟ වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වරුවක වැඩවර්ජනයක් දියත් කිරීමට විදුලි බල මණ්ඩල සේවකයින් තීරණය කර ඇති බවත් ඒ අනුව සැප්තැම්බර් 07 දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක කරණ බවත් රංජන් ජයලාල් ප්‍රකාශ කළේය.

විදුලිබල මණ්ඩලය පාඩු ලබමින් තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉල්ලමින් වර්ජනයක‍ටයාම අසාධාරණ නොවේදැයි එහිදී මාධ්යිවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදුන් රංජන් ජයලාල් කියා සිටියේ කතරගම ගිය අමාත්‍යවරයාට නිදාගන්නට සුවපහසු ඇඳක් 80,000 ක වියදමින් මිලට ගෙන පසුගියදා කොළඹ සිට කතරගමට යැවීමට කටයුතු කර තිබුණු බවයි.

එකී ඇඳ ප්‍රවාහනය කිරීම සඳහා කතරගම සිට ලොරියක් කොළඹට එවා තිබුණු බවඅනාවරණය කළ ඔහු ඇඳට කළ වියදම මෙන්ම ඇඳ ප්‍රවාහනය කිරීමටද විශාල මුදලක් නිකරුණේ වැය වූ බව සඳහන් කළේය.
එවැනි පිස්සු වැඩවලට නිකරුනේ වියදම් කරන්නට හයිය ඇති විදුලිබල මණ්ඩලය තමඅයිතිවාසිකම් ලබා නොදෙන්නේ මන්දැයි රංජන් ජයලාල් ප්‍රශ්න කළේය
 
Related Posts with Thumbnails