Ads 468x60px

.

රජිව් ගාන්ධි ඝාතකයින් වෙනුවෙන් සෙන්කෝඩි නම් 20 හැවිරිදි තරුණියක් ගිනිතබාගෙන සියදිවි නසාගනියි

රජිව් ගාන්ධි ඝාතකයින් තිදෙනාට පනවා ඇති මරණීය දණ්ඩනය ලිහිල් කරන ලෙසට ඉල්ලා සිටිමින් ඉන්දියාවේ කන්චිපුරම්හි 20 හැවිරිදි තරුණියක් ගිනිතබාගෙන සියදිවි නසාගනියි.
සී සෙන්කෝඩි නම් වන එම තරුණිය ඊයේ (අගෝ. 28) එසේ සිදුකරගෙන ඇතැයි ‘ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්’ වාර්තා කරයි.
 
පොලිස් භටයින් පිරිසක් මැදිහත්ව ඇය රෝහලට ගෙනයෑමට පියවර ගත්තද, තරුණිය අතරමග’දී මියගොස් තිබේ.

ඇය විසින් ලියා ඇති ලිපියක දැක්වෙන්නේ, තම කි‍්‍රයාව ඝාතකයින් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට උපකාරී වනු ඇති බවටයි.

ගාන්ධි ඝාතකයින් තිදෙනා සැප්තැම්බර් 09 වැනිදා එල්ලා මැරීමට නියමිතව තිබෙන අතර, ඊට එරෙහිව තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ හා සංවිධාන උද්ඝෝෂණ පවත්වමින් සිටී.
 
Related Posts with Thumbnails