Ads 468x60px

.

රනිල් සමරසිංහයගේ හෘද්‍යාබාධයට සියයට සියයකින්ම දායක වී ඇත්තේ සනත් අබේසේකරයි

මේ වනවිට දින 100 ක් පුරා ශී‍්‍ර ලංකාවේ සිනමා ශාලාවල අති සාර්ථකව ප‍්‍රදර්ශනය වන ‘මහින්දාගමනය’ චිත‍්‍රපටය සැදූ සනත් අබේසේකර අනියම් මිනීමැරුමක් සඳහා චෝදනාවට ලක්වී ඇති බව වාර්තාවේ.
සනත් අබේසේකර මෙසේ අනියම් මිනීමැරුමේ චෝදනාවට ලක්වන්නේ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන රනිල් සමරසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙනි. රනිල් සමරසිංහ මහතා හෘද්‍යාබාධයකින් මියගොස් ඇති අතර, එකී හෘද්‍යාබාධය සඳහා සියයට සියයකින්ම දායක වී ඇත්තේ තමා බෝසත් චරිතයක් බව ලොවට කියාපාන සනත් අබේසේකරය.

මොවුන් දෙදෙනා එකතු වී 'One Blood' නමින් චිත‍්‍රපටයක් තැනූ අතර, එහි අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කර ඇත්තේ සනත් අබේසේකරය. මෙගාස්ටාර් ජයග‍්‍රාහය අජිත් වීරසිංහ ප‍්‍රධාන චරිතය රඟ පෑ මෙම චිත‍්‍රපටයේ සියලූම බරපැන දරා ඇත්තේ රනිල් සමරසිංහය. රනිල් සමරසිංහ සනත් අබේසේකර පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබා ඔහුට නිදහසේ ඔහුගේ හිතුමනාපය පරිදි චිත‍්‍රපටයේ කටයුතු කිරීමට නිදහස ලබා දී ඇති අතර, එම නිදහසෙන් අයුතු ප‍්‍රයෝජන ගත් සනත් අබේසේකර චිත‍්‍රපටය අවසානවීමට පෙර රනිල් සමරසිංහව බංකොලොත් කිරීමට කටයුතු කර තිබේ.

'One Blood' චිත‍්‍රපටයේ විවිධ කටයුතු සඳහා යැයි කියමින් රුපියල් ලක්‍ෂ 200 කට ආසන්න ප‍්‍රමාණයක් සනත් අබේසේකර විසින් මහ දවල් කොල්ල කා තිබේ. මෙම චිත‍්‍රපටයෙන් තමාට අත් වූ ඉරණම පිළිබඳව විශාල සිත් තැවුලකින් සිටි රනිල් සමරසිංහ ඒ හේතුවෙන්ම බලවත් සේ රෝගාතුර වී තිබේ.

දිගින් දිගටම රනිල් සමරසිංහට මුහුණදීමට සිදු වූ ආර්ථික ප‍්‍රශ්න හේතුවෙන් හදිසියේ ඇති වූ හෘද්‍යාබාධයකින් රනිල් සමරසිංහ මෙලොවින් සමුගෙන තිබේ. අනුන්ගේ තිරපිටපතක් තමන්ගේ බව පවසමින් ගරු ජනාධිපතිවරයා ඉදිරියේ වැද වැටී ‘මහින්දාගමනය’ සඳහා අනුමැතිය ලබාගත් සනත් අබේසේකර, රනිල් සමරසිංහට අත් වූ ඉරණම පිළිබඳව හොඳින් දනිතත් එය නොදුටුවා සේ සිටීම මේ වනවිට චිත‍්‍රපට ක්‍ෂෙත‍්‍රයේ නියැලූනු අයගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.
 
Related Posts with Thumbnails