Ads 468x60px

.

ගැබිනියකට ජීවිතාන්තය දක්වා සිරදඬුම්

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඞ්භාරයේ සිටි කාන්තාවක් ගැබිනියක බව අධිකරණ වෛද්‍යවරුන් විසින් වාර්තා කරනු ලැබීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඇයට ජීවිතාන්තය තෙක් අද (04) සිරදඬුවම් නියම කෙළේය.
විත්තිකාරිය 1999 වසරේ ජනවාරි 07 වැනිදා හෙරොයින් ග‍්‍රෑරැුම් 142.4 ක ප‍්‍රමාණයක් විකිණීම සඳහා සන්තකයේ තබා ගැනීම යන චෝදනා එල්ලවී තිබූ අතර, ඇය එම චෝදනා දෙක සඳහාවරදකාරිය කළාය.

එක් චෝදනාවකට දඬුවම ගෙවී අවසන් වන විට අනෙක් චෝදනාවේ දඬුවම ආරම්භ වන ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් දඬුවම් නියම කළේය. මෙසේ ජීවිතාන්තය දක්වා මරණ දඬුවම් හිමිවූයේ පිච්චෙයි ඉරෝෂා කුමුදුනී නැමැත්ති දෙදරු මවකටය.

නඩුවේ චෝදනා ගොනු කිරීමෙන් පසුව ඇය ගැබිනියක වී ඇත.

එසේ නොවුයේ නම් ඇයට මරණ දඬුවම නියමවීමට නියමිතව තිබිණි.

විත්තිකාරිය මාස දෙකකට අධික කාලයක් රිමාන්ඞ්භාරයේ පසුවූ බවපැවසේ.

මෙම වරද රටටම බලපාන වරදක් බැවින් මෙම තීන්දුව ලබාදෙන බව විනිසුර පද්මන් සූරසේන මහතා තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් පැවසීය.

කෙසේවුවද, විත්තිකාරියට මෙම දඬුවම නියම වීමෙන් පසුව ඇය විත්තිකූඩුව තුළ සිහිසුන්ව ඇද වැටිණි.

පියවි සිහිය ලැබීමෙන් පසුව හැඬූ කඳුලින් පැවසුවේ, නොකල වරදකට තමාට මෙම දඬුවම ලැබී ඇති බවත්, තම දරුවන්ට ඉන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පැවසුවාය.

විත්තිකාරිය මේ වසරේ දෙසැම්බර් මාසයේ 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම දරුවා ප‍්‍රසූත කිරීමට නියමිත බවඅධිකරණ වෛද්‍යවරුන් විසින් සිය වාර්තාවෙන් දක්වා ඇත.
 
Related Posts with Thumbnails