Ads 468x60px

.

තමන්ගේම මනුස්සයා ග්‍රීස් යක්කු කරන ගෑණුත් ඉන්නවා

තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ගුටිකන ඇතැම් ස්ත්‍රීන්ද ග්‍රීස් යක්කුන් පහරදුන් බවට ප්‍රකාශ කරමින් රෝහල්ගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

තම ස්වාමිපුරුෂයා බීමත්ව පැමිණ පහරදීමෙන් පසු ඒ බව කියා සිටියහොත් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවනු ඇතැයි බියේ ඒ බව නොකියා ග්‍රීස් යකෙකු පහරදුන් බවට සඳහන් කරමින් රෝහල්ගත වූ ස්ත්‍රීන් දෙ‍දෙනෙකු පිළිබඳ පසු ගියදා වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අද(04)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ග්‍රීස් යකුන් හා භූතයින් පිළිබඳ පුවත් වැඩි වශයෙන් අනාවරණය වූයේ බදුල්ල,මහියංගණය වැනි දුෂ්කර ප්‍රදේශවලින් බවත්,එකී ප්‍රදේශවල ස්වාමි පුරුෂයන් බොහෝ විට හේනේ හෝ කුඹුරේ කටයුතු සඳහා පිටත්ව යාම නිසා නිවෙසේ සිටින්නේ ස්ත්‍රීන් පමණක් බව දන්නා නිසාම ඔවුන් බියට පත්කර තම ආශාවන් ඉටුකරගැනීමට කටයුතු කරන බය ජයකොඩි මහතා පෙන්වාදුන්නේය.

ග්‍රීස් යක්කුන් හෝ භූතයින් බවට අනාවරණ වූ බොහෝ දෙනා අල්ලපු ගෙදර මනුස්සයා හෝ ගමේ අවට මනුස්සයින් වූ බවත්,ඒ නිසාම තම පුද්ගලික අභිමතාර්ථයන් තරහවල් පිරිමසා ගැනීම සඳහා මෙසේ ක්‍රියා කරන බවට තහවුරු වී ඇතැයි ඔහු කියා සිටියේය.

මේවන විට කහවත්ත,මා ඔය,මහියංගණය,ආදී ප්‍රදේශවල සැරිසරන බව කියූ සියලුම ග්‍රීස් යක්කු,භූතයින් මේවන විට අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යන බවත්,ඒ නිසාම කිසිදු බියක් ඇති කරගය යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails