Ads 468x60px

.

තලාතුඔයෙනුත් ග්‍රීස් යකෙක් මාට්ටු

මහනුවර, තලාතුඔය පොලිස් බල සීමාවේ මාගහ ප්‍රදේශයේ දී ඉකුත් 02 වනදා ජනතාව බියවද්දමින් සැරිසැරුවේ යැයි සැක පිට අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තලාතුඔය පොලිසිය සඳහන් කළේ මෙම සැකකාර පුද්ගලයා වයස අවුරුදු 30ක පමණ අයෙක් බවයි.  ප්‍රදේශයේ සැරි සැරූ කළු හැදගත් නාදුනන පුද්ගලයක් සම්බන්ධයෙන් මීට සති දෙකකට ඉහත සිටම ප්‍රදේශයේ ජනතාව බියට හා නොසන්සුන්තාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිලි කිහිපයක් ඉදිරිපත්ව තිබුණා.

නමුත් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකාර පුද්ගලයා එලෙස ප්‍රදේශයේ සැරිසරූ පුද්ගලයාදැයි නිවැරදිව තහවුරු කර ගෙන නොමැති අතර අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

 
Related Posts with Thumbnails