Ads 468x60px

.

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක්!


ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත.

මෙයට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ "ගමන් මගේ සහකරුවෝ" නමැති රාජ්‍යය නොවන සංවිධානය විසිනි.



ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල බොරලැස්ගමුව හා කොළොඹ 10 පෙදෙස්වල පිහිටා ඇත.එම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ පිලිවෙලින් සසෙක්ස් ජාත්‍යන්තර පාසලට හා පෙර පාසලකට යාබදවය.

මෙම මධ්‍යස්ථාන සමලිංගික සහකරුවන් මුණ ගැස්වීමේ අතරමැදි ආයතනයක් ලෙස කටයුතු කරන අතර එම කාර්යාලයකට ගොස් තමන් කැමති සමලිංගික සහකරුවෙකු ඔවුන් පිලිබඳ දත්ත ඇතුලත් කල ජායාරුප ඇල්බමය බැලීමෙන් තෝරාගත හැක.



එමෙන්ම සමලිංගික ඇසුර නිසා බෝවෙන ඒඩ්ස් රෝගය වැලක්වීමට කොන්ඩම් ලබාදීමත්,ලිංගික ක්‍රියා පහසු කිරීමට භාවිතා කරන Easy GLID ආලේපනයත් මෙම මධ්‍යස්ථාන මගින් බෙදා හැරේ. 


සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය යටතේ වසර දෙකෙක සිර දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම ආයතනය මගින් එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් තරුණ තරුණියන්ගේ මනස විකෘති කරන ක්‍රියාවලියක් මෙරටට ආදේශ කිරීමට යන්නේ දේශපාලන බලවතුන්ගේ සහයද ඔවුන්ට ලැබී ඇති නිසාදැයි සැකයක් මතුවේ.


මෙම ආයතනයේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ ෂර්මන් ද රෝස් නමැති කලින් පුජකයෙකු ලෙසින් කටයුතු කල අයෙකි. 
 
Related Posts with Thumbnails