Ads 468x60px

.

අගමැති පුතාගෙ වෙඩින් කාඩ් වියදම රු ලක්ෂ 36

අහිංසක වයසක බෞද්ධ උපාසකයෙකු සේ පෙනී සිටිනා අගමැති දි.මු.ජයරත්න මහතා ද රෙජීමාධිපති රාජපක්‍ෂ මෙන්ම ශ‍්‍රී ලංකාව වැනි රටකට නුහුලනා අධික වියදම් වලට බර වී තිබේ. මේ බව හෙළිවන්නේ අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ විවාහ මංගල්‍යයේ වියදම් සම්බන්ධයෙනි.

මෙම විවාහ මංගල්‍යයේ ආරාධනාපත් සහ දෙවන ගමනේ ආරාධනා පත් සඳහා රුපියල් ලක්‍ෂ 36 ක් වියදම් කර ඇතැයි වාර්තා වේ. මංගල දිනය වෙනුවෙන් ආරාධනා පත් 700 ක්ද දෙවන ගමනේ උත්සවය වෙනුවෙන් ආරාධනා පත් 500 ක් ද නිමවා ඇත. මේ අනුව එක් ආරාධනා පත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 3000 ක් පමණ වියදම් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට ආයතනයක් විසින් මෙම ආරාධනා පත් නිමවා ඇත්තේ වටිනා දැව සහ පිත්තල ද භාවිතා කරමිනි.

අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ අත ගන්නේ දිලිනි කරුණාරත්න මෙනෙවියයි. ඔවුන්ගේ මංගල්‍යය ලබන 15 දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය. ආරාධනා පත‍්‍රයකට රුපියල් 3000 ක් වියදම් කළා නම් අනෙක් වියදම් ගැන කවර කතාද?
 
Related Posts with Thumbnails